ගෙවුනු දවස අප්‍රේල් 22 – වෙස්ලි විදුහලට ලකුණකින් කුසලානය මඟ හැරේ

1149
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට්

කවිඳුගෙන් අර්ධ ශතකයක්

pic 1සිංගර් කුසලාන දෙදින අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන දෙවන කාණ්ඩයේ අවසන් මහා තරගය ඊයේ (22) මග්ගොන සරේ ගම්මාන පිටියේ දී ආරම්භ විය.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම – 207/09 (පන්දුවාර 80.4): කවිඳු හශාන් 59, සිතුම් තෙල්ගේ 49, රුක්ෂාන් දිසානායක 42, ප්‍රවීන් මදුෂාන් 4/64, හෂිම් දිල්මින් 3/63

මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 33 (පන්දුවාර 12)

සම්පූර්ණ වාර්තාව: කවිදු සාන්ත ජෝන් ඉනිම ස්ථාවර කරයි

කපුගෙදරගේ සුපිරි ශතකය

pic 2නුදුරේ දී ම ඇරඹීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ දක්ෂතා අතර සිටින සුදුසුම ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (22) ක්‍රියාත්මක විය. එහි දී චාමර කපුගෙදර සහ ඩිල්ශාන් මුණවීර ක්‍රීඩා කළ ප්‍රවේගකාරී ඉනිම දෙකට ස්තුති වන්නට මහනුවර සහ කොළඹ කණ්ඩායම් වලට ජය හිමි විය.

සම්පූර්ණ ලකුණු සටහන: දඹුල්ල අසරණ කරමින් කපුගෙදරගෙන් පන්දු 50ක සුපිරි ශතකයක්!


රග්බි –

එක් ලකුණකින් කුසලානය මහනුවරට

pic 3මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති වෙස්ලි – කිංස්වුඩ් විද්‍යාල එකිනෙක ගැටෙන “එල්. ඊ. බ්ලේස් කුසලාන” රග්බි තරගය 40-39ක් ලෙස එක් ලකුණකින් ජය ගන්නට කිංස්වුඩ් විද්‍යාලය ඊයේ (22) සමත් විය.

පළමු අර්ධය – කිංස්වුඩ් විද්‍යාලය 18 (2T 1C 2P) – 11 (1T 2P) වෙස්ලි විද්‍යාලය

සම්පූර්ණ කාලය – කිංස්වුඩ් විද්‍යාලය 40 (5T 3C 3P) – 39 (5T 4C 2P) වෙස්ලි විද්‍යාලය.

ThePapare.com තරගයේ වීරයා – හේෂාන් ජැන්සන් (කිංස්වුඩ්).

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • කිංස්වුඩ් – හේෂාන් ජැන්සන්  2T, රාජනායක 1T, ආසිරි සෙනවිරත්න 1T, රණවීර 1T 3C 3P.
  • වෙස්ලි – ටී.බී.සබාර් 2T, වෙත්තසිංහ 1T, ඊ.හර්ෂණ 1T, සී.අපොන්සු 1T, අවිශ්ක ලී 3C 1P, එම්.සුබයිර් 1C 1P.

සම්පූර්ණ වාර්තාව: කිංස්වුඩ් ක්‍රීඩකයෝ එල්. ඊ. බ්ලේස් කුසලානය ජය ගනිති

දිනයක අවසානය