ගෙවුනු දවස අප්‍රේල් 20 – කොළඹටත්, දඹුල්ලටත් ජය

600
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

චන්දිමාල්ගෙන් අර්ධ ශතකයක්

SLC Super Provincial

දින 9ක පමණ අලුත් අවුරුදු විවේකයෙන් අනතුරුව යළිත් දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම්කාරීත්වය ආරම්භ කරමින් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක්  (20) අවසන් වූ අතර, එම තරඟ වලින් කොළඹ හා දඹුල්ල යන කණ්ඩායම් ද්විත්වය ඊයේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය. මේ ජයග්‍රහණ අතුරින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රේක්ෂකයන්ගේ විමතියට හේතු විය.

සම්පූර්ණ වාර්තාව: දඹුල්ලට නොසිතූ ජයක්; චන්දිමාල් හා හර්ෂ ලකුණු අතරට


පාපන්දු –

ලේක් හවුස් ජය ගනී

Mercantile Football

වෙළඳසේවා පාපන්දු තරගාවලිය හේතුවෙන් මෙම සතිය පුරාවටම සිටි ලීග් පාපන්දු සංකීර්ණය කාර්ය බහුල වූ අතර ඊයෙත් (20) එහි “B” කාණ්ඩයේ තරග ද්විත්වයක් පැවැත්විය. එහි දී ලේක් හවුස් කණ්ඩායම එක් තරගයකින් ජය ගන්නා විට අනෙක් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.

සම්පූර්ණ ලකුණු:

  • ලේක් හවුස් 01 – 00 කොමර්ෂල් බැංකුව
  • ජෝන් කීල්ස් 01 – 01 සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

සම්පූර්ණ වාර්තාව: ජය ලේක් හවුස්ට; අනෙක ජය පරාජයෙන් තොරයි

දිනයක අවසානය