ගෙවුණු දවස මාර්තු 8 – භානුක, මහේල වික්‍රමයෙන් එන්. සී. සී.ට ශූරතාවය

630

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

හරීන්ගේ දැවැන්ත කඩුලු සංග්‍රාමයක්

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (08) ආරම්භ වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සුහද ක්‍රිකට් තරගයේ දී කණ්ඩායම් දෙකම තරගයේ පළමු දිනයේ දී ම තම පළමු ඉනිම් නිමා කර ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 34ක් පමණි. එම  ඉනිමේ කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට හෝ පිවිසීමට රිච්මන්ඩ් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 202ක් ලබා ගත්හ.

සම්පූර්ණ වාර්තාව: ධනංජය කළ දේ ම හරීන් කරයි


සී. සී. සී. ක්‍රීඩකයින්ට විස්සයි විස්ස අනුශූරතාවය

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ජවසම්පන්න ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (8) සී. සී. සී. කණ්ඩායම හා එන්. සී. සී. කණ්ඩායම අතර කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී පැවැත්විය. මෙම තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලබා ගැනීමට එන්. සී. සී කණ්ඩායම සමත් විය.

එන්. සී. සී  – 183/7 (20): භානුක රාජපක්ෂ 79, මහේල උඩවත්ත 68, නුවන් තුෂාර 4/32.

සී. සී. සී  – 177 (19.3): සචිත් පතිරණ 47, වනිඳු හසරංග 42, අශාන් ප්‍රියන්ජන් 29, චාමික කරුණාරත්න 4/28.

සම්පූර්ණ වාර්තාව: භානුක, උඩවත්ත, චාමික එන්. සී. සී ශූරතාවය කරා මෙහෙයවයි

දිනයක නිමාව