ගෙවුණු දවස ජුනි 06 – පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමයි

229

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –
ලහිරු කුමාර කොදෙව් කඩුලු 3කට වගකියයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (06) නිමා වෙද්දී සත්කාරක කොදෙව්වෝ සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා සිටියි.

වේගපන්දු යවන්නන්ගේ නිජ භූමියක් වන කොදෙව් පිටියේ ඊයේ දිනයේ වඩාත් කතා බහට ලක්වූ ක්‍රීඩකයා වූයේ දකුණතින් වේගපන්දු යවන 21 වියැති ලහිරු කුමාර ය. මන්දගාමි ලකුණු පුවරුවක් සෑම අවස්ථාවකම නිර්මාණය වූ කොදෙව් ඉනිම මේ තරමින් පාලනය කිරීමට ඔහු සේ ම අනෙකුත් වේගපන්දු යවන්නන් ද දඟපන්දු යවන්නෝ ද සමත් වීම කැපී පෙණුනි.

සම්පූර්ණ වාර්තාව: ලහිරු කුමාර කොදෙව් ඉනිම පාලනය කරයි


සාන්ත පීතරයින්ට නොසිතූ පරාජයක්

2018 වයස අවුරුදු 18න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (6) බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කින්නියා අල්-ආක්ෂා (Al-Aqsha) විද්‍යාලය අතර පැවැත්වුනා.

තියුණු තරගයකින් අනතුරුව අවසාන මිනිත්තුවේ වාර්තා වූ ගෝලයකින් සත්කාරක බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින් ගෝල 4-3ක් ලෙස තරගයේ ජය වාර්තා කිරීමට අල්-ආක්ෂා ක්‍රීඩකයින් සමත් විය.

සම්පූර්ණ වාර්තාව: අල්-අක්ෂා ක්‍රීඩකයින් හමුවේ පීතරයින්ට තියුණු පරාජයක්

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්