ගෙවුණු දවස මාර්තු 4 – මාලිංග, සීක්කු කඩුලු 3 බැගින් දවා ගනී

501

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

සහෝදරයින්ගේ එක්දින තරගයේ දී පන්සිළුගෙන් නොදැවී 70ක්

Thurstan Collegeතර්ස්ටන් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර 38 වැනි වරටත් පැවැත්වූ සහෝදරයින්ගේ සංග්‍රාමයේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ලකුණු 75කින් ජය ගත් තර්ස්ටන් විද්‍යාලය, ඩබ්. ඒ. ද සිල්වා අනුස්මරණ කුසලානය සිය පාසලට රැගෙන යාමට සමත් විය. තරගය ඊයේ (04) කොළඹ සරවනමුත්තු ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාල නායක නිපුන් ලක්ෂාන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඔවුන් සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 247ක් රැස්කර ගත්තේය.

තර්ස්ටන් විද්‍යාලය – 247/9 (50): පන්සිළු දේශාන් 70*, නිමේෂ් පෙරේරා 41, යෙශාන් වික්‍රමාරච්චි 36, ඉමේෂ් විරංග 33, මදුෂික සඳරුවන් 5/36, සංජුල බන්ඩාර 2/38.

ඉසිපතන විද්‍යාලය – 172 (46.3): අශේන් ගුණවර්ධන 32, සංජුල අබේවික්‍රම 27, සඳරු ඩයස් 3/44, අයේෂ් හර්ෂණ 2/17.

සම්පූර්ණ වාර්තාව: තර්ස්ටන්වරුන් ඩබ්. ඒ. ද සිල්වා කුසලානය දිනති


චන්දිමාල්ගේ සොයුරු නිර්මාල් ශතකයක් වාර්තා කරයි

මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර 89 වැනි වරට පැවති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (04) කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ (එස්. එස්. සී.) පිටියේ දී  නිමා විය.

තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ උප නායක ලහිරු හිරන්‍ය නම් කෙරුණ අතර තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණේ තරගයේ අවසන් මොහොතේ ශතකයක් වාර්තා කළ ආනන්ද විද්‍යාලයේ කමේෂ් නිර්මාල් ය.

සම්පූර්ණ වාර්තාව: අයියා මලෝ ශතක වාර්තාවත් සමඟින් සුලෝහිත සටන නිමා වේ


තේරීම් කමිටුවේ අවධානය දිනාගත් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය හා සංවිධානය මත පවත්වනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (4) කටුනායක දී හා කොළඹ ක්‍රිකට් සමාජ (CCC) පිටියේ දී පැවැත්විය. එහි දී ඩිල්ශාන් මුණවීර හා රමිත් රඹුක්වැල්ල දක්ෂ පිතිකරණයක නිරත වෙද්දී ලහිරු මදුසංක කඩුලු 4ක් දවා ගනිමින් සිය දස්කම් දක්වන ලදි.

.

සම්පූර්ණ වාර්තාව: මාලිංග, සීක්කු කඩුලු දඩයමක; රඹුක්වැල්ල පිත්තෙන් දස්කම් අතරට

දිනයක නිමාව