ගෙවුණු දවස අප්‍රේල් 04 – එක්දින තරග ජයත් ලුම්බිණියට

331

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

තරගයේ වීරයා ලුම්බිණියේ කවීන්

Lumbini vs Bandaranayake - 5th Battle of the Ever Green ODIකොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර ඊයේ (04) අවසන් වූ නීල හරිත 5 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ජය සංකේත ප්‍රදානයේ දී තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ලුම්බිණි විද්‍යාලයේ ප්‍රභාත් මධුශංක ද දක්ෂතම පිතිකරු ලෙසින් බණ්ඩාරනායක විද්‍යාලයේ ශහිරු රොෂේන් ද, තරගයේ වීරයා ලෙසින් ලුම්බිණි විද්‍යාලයේ කවීන් පීරිස් ද සම්මාන ලැබූහ.

සම්පූර්ණ වාර්තාව: නීල හරිත සීමිත පන්දුවාර තරගයේ ජය ලුම්බිණියන්ට


මහනුවර ක්‍රීඩිකාවෝ පළමු ඉනිමේ ජයක් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ සුපිරි පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ (4) හොරණ ආරෝන් ක්‍රීඩා සමාජ පිටියේ දී අවසන් වූ අතර එම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මල්ෂා ෂෙහානි නායකත්වය දරණ මහනුවර කණ්ඩායම සමත් විය.

මහනුවර පළමු ඉනිම – 126/9d (44): සයනි ඔශාදී 46, සශිනි ප්‍රනාන්දු 3/29.

දඹුල්ල පළමු ඉනිම – 49 (26.5): ලිහිණි අප්සරා 14, සයනි ඔශාදී 5/18, උමේෂා තිමේශනී 2/08.

මහනුවර දෙවන ඉනිම –  30/5d (16.5): සයනි දිනේශිකා 3/09.

සම්පූර්ණ වාර්තාව: මහනුවරට පළමු ඉනිමේ ජයක්


අප්‍රිකානු කණ්ඩායම ජූලි මාසයේ ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ජූලි මස 12 වැනිදා සිට අගෝස්තු මස 14 වැනිදා දක්වා පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන හා තරග පැවැත්වෙන ස්ථාන ඊයේ දිනයේ (4) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම ජූලි මස 4 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූලි මස 12 වැනිදා ආරම්භ වේ. එම තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත. එම තරගය නිමා වී දින 4කට පසුව එනම් ජූලි මස 20 වැනිදා SSC පිටියේ දී දෙවන හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙනු ඇත.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග සංචාරයේ දින තීන්දුයි

දිනයක නිමාව