ගෙවුණු දවස ජනවාරි 30 – 18න් පහළ ශූරතාවය සාන්ත ජෝසප් විදුහලට

117

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්

ආනන්ද විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළ ඊයේ (30) දිනයේ දී නාලන්ද හා තර්ස්ටන් විද්‍යාල තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වූයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙනි. මේ සියලු තරග වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 308/10 (89.4): මනොහරන් පවිත්රන් 85, නිම්සර අත්තනගල්ල 48, පසන් හෙට්ටිආරච්චි 24, චාමික ගුණසේකර 2/44, ගිශාන් විශ්වජිත් 2/49, ශමල් හිරුශාන් 2/52, අසේල සිගේරා 2/79.

ආනන්ද විද්‍යාලය  – 374/5 (67.2): දුශාන් හෙට්ටිගේ 102, කමේශ් නිර්මාල් 88, අසේල සිගේරා 67, කනිශ්ක රන්තිලකගේ 31, ලහිරු හිරන්‍ය 39*, නිම්සර අත්තනගල්ල 2/79

සම්පූර්ණ වාර්තාව: ආනන්ද හා සාන්ත සෙබස්තියන් විද්‍යාලවලට වැඩි වාසිය


   පාපන්දු   

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පාපන්දු ශූරතාවය දිනා ගනිති

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ ඊයේ (30) කොළඹ තුරග තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී සාන්ත පැට්‍රික්ස් විද්‍යාලයීය කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජයට පත්කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 1 – 1 සාන්ත පැට්‍රික්ස් විද්‍යාලය

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 3 – 1 සාන්ත පැට්‍රික්ස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අසේල මදුෂාන් (සාන්ත ජෝසප් විද්‍යාලය)

සම්පූර්ණ වාර්තාව: 18න් පහළ පාපන්දු ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් ජෝසප්වරුන්ට

දිනයක නිමාව