ගෙවුණු දවස ජුනි 27 – තිරිමාන්න ක්‍රිකට් පිටිය දෙවනත් කරයි

653

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය සමව අවසන් කරයි

දිල්රුවන් පෙරේරා සහ කුසල් පෙරේරා එක්ව 7 වැනි කඩුල්ලේ දී පෑ දක්ෂතා හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කඩුලු4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙරට වේලාවෙන් ඊයේ (27) අලුයම් යාමයේ දී සමත් වූහ.

මේ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් සේ සම වෙමින් නිමාවට පත්විය.

බාබඩෝස් හී කෙන්සිංටන් ඕවල් පිටියේ දී (26) තවත් දිනයක් ඉතිරිව තිබිය දී නිමාවට පත් මෙම තරගයේ දී ලත් ජයග්‍රහණයත් සමඟින් එම පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගත් පළමු ආසියාතික කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් විය. තම මංගල ටෙස්ට් තරග නායකත්වය ජයග්‍රාහී ගමනකින් කෙළවර කිරීමට සුරංග ලක්මාල් සමත් වූ අතර මේ දක්ෂතාව කළ පළමු ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නා වෙන්නේ ද ඔහු ය.

සම්පූර්ණ වාර්තාව: කුසල්ගේ ධෛර්යයෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි

ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ බංග්ලාදේශයට ප්‍රබල සටනක් දෙයි

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී සාහුර් අහමඩ් චෞද්‍රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (27) නිමාවේ දී පළමු ඉනිමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු 449ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ A ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 44ක් ලබා සිටියහ. ඒ අනුව බංගලියන්ට ශ්‍රී ලංකා පළමු ඉනිම හා සම තත්ත්වයට පිවිසීමට තවත් ලකුණු 405ක් අවශ්‍ය ය. ඒ සඳහා ඉතිරිව ඇත්තේ කඩුලු 8ක් පමණි.

සම්පූර්ණ වාර්තාව: තිරිමාන්නගේ දැවැන්ත පිතිප්‍රහාරය හමුවේ බංගලියන්ගේ පෙන හැකිළේ

දිනයක අවසානය