ගෙවුණු දවස ජනවාරි 26 – ශතක සමඟින් Tier A පිටිය වර්ණවත් වෙයි

137

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

කෞෂාල් සහ කපුගෙදරගෙන් ශතක දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරගාවලියේ දෙවැනි දිනයට (26) බේල්ස් ඉවත් කෙරෙන විට එස්. එස්. සී. කණ්ඩායමේ කෞෂාල් සිල්වා සහ චාමර කපුගෙදර ශතක වාර්තා කිරීමට සමත් විය.

මේ අතර ඊයේ ආරම්භ වූ පළඟ ශූරතා තරගාවලියේ දී සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන රොන් චන්ද්‍රගුප්ත ද ශතකයක් වාර්තා කළේය.

පන්දු යැවීමේ දී පළඟ තරගාවලිය නියෝජනය කරන යුද හමුදා කණ්ඩායමේ දුෂාන් විමුක්ති ලකුණු 77කට කඩුලු 6ක් ලබා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ශ්‍රී ලංකා වරයා අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (44.2) යොහාන් ද සිල්වා 24,  යසෝද ලංකා 21, ගිහාන් රූපසිංහ 36, අනුක් ද අල්විස් නොදැවී 39, දසුන් ශානක 3/26, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/28

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 413 (110.4) මිනෝද් භානුක 20, කෞෂාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, අකලංක ගනේගම 3/99, චානක කොමසාරු 4/119, චලනක වීරසිංහ 2/79

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 78 (20.0) යසෝද ලංකා නොදැවී 41, අනුක් ද අල්විස් නොදැවී 15

සම්පූර්ණ වාර්තාව: කෞෂාල්, කපුගෙදර සහ රොන් ශතක රැස් කරති


ගාල්ලේ මහින්දට කඩුලු 10ක ජයක්

ගාල්ල මහින්ද විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ වාර්තා කර ඊයේ (26) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම පැවැත්විය. එසේම ඊයේ දිනය තුළ ක්‍රියාත්මක වූ තරගවල දී පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණු අතර ඒ අතුරෙන් පසිඳු උෂෙට්ටි, කෞමාල් නානායක්කාර හා මොහොමඩ් උබයදුල්ලා වැඩි දස්කම් දක්වන ලදි.

ඊයේ නිමා වූ අනෙක් තරගයෙන් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගත්තේය.

මහින්ද විද්‍යාලය – 330/3d (73): විනුර දුල්සර 123, නවෝද් පරණවිතාන 121, කේ. කේ. කෙවින් 50*.

ද මැසනඩ් විද්‍යාලය – 213/10 (73.1): නිම්න ප්‍රනාන්දු 53, සාලිය ජූඩ් 41, නදුන් ඩිල්ශාන් 37, මිතිල ගීත් 29, පසන් පෙතනගොඩ 3/85.

ද මැසනඩ් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 121/10 (30.1): පසිඳු රාජමුනේන්ද්‍ර 43, ප්‍රවීන් ෆොන්සේකා 36, පසන් පෙතනගොඩ 4/49, නවෝද් පරණවිතාන 3/19.

මහින්ද විද්‍යාල දෙවන ඉනිම – 6/0 (2.4):

සම්පූර්ණ වාර්තාව: මහින්දට හා මාරිස් ස්ටෙල්ලාවට දැවැන්ත ජයග්‍රහණ

දිනයක නිමාව