ගෙවුනු දවස ජනවාරි 25 – T20 ශ්‍රී ලංකාවට

919
Sports Roundup January 25th

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

මාලිංගගෙන් 57ක්

Malinga Amarasinghe

කොළඹ නාලන්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර ඊයේ (24) ආරම්භ වූ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගයෙන් ලකුණු 76ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට නාලන්ද විද්‍යාලය ඊයේ (25) සමත් විය.

කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 175 (පන්දුවාර 52.3): මාලිංග අමරසිංහ 38, අවිශ්ක පෙරේරා  33, කළණ පෙරේරා 26, සුහඟ විජේවර්ධන 22, කවුමල් නානායක්කාර 3/19 , තිලාන් නිමේෂ් 3/66

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 96 (පන්දුවාර 31): තිලාන් නිමේෂ් 31, මාලිංග අමරසිංහ 4/21, කලණ පෙරේරා 2/34

කොළඹ නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 37.3): මාලිංග අමරසිංහ 57, සුහඟ විජේවර්ධන 34, අවිදු ප්‍රනාන්දු 5/37, තිලාන් නිමේෂ් 2/14, අවිදු පීරිස් 2/17

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 55.3): දිලංක ගුණසේකර 44, අවිදු ප්‍රනාන්දු 40, උමේක්ෂ දිල්ශාන් 4/29

සවිස්තර වාර්තාව: නාලන්ද විද්‍යාලයට ලකුණු 76ක ජයග්‍රහණයක්


සිරිසෝම කඩුලු 500 සමාජයට

Gayan

තියුණු තරගයකින් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඊයේ සමත් විය. ඒ කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. තරගය පසුගිය 23 වැනිදා ආරම්භ විය.

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 390 (පන්දුවාර 103): මනෝජ් දේශප්‍රිය 89, කාවින්ද විමළධර්ම 87, අමල් පීරිස් 77, දමිදු අශාන් 67, ගයාන් සිරිසෝම 7/131, නිමේෂ් කාරියවසම් 2/74

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 423 (පන්දුවාර 68.3): ලසිත් ප්‍රනාන්දු 111, හසන්ත ප්‍රනාන්දු 92, මාධව නිමේෂ් 55, බුද්ධික ප්‍රනාන්දු 45, රැචිර සිල්වා 5/102

කළුතර ‍භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී 197 (පන්දුවාර 22.5): රසික ප්‍රනාන්දු 98, මනෝජ් දේශප්‍රිය 22, ගයාන් සිරිසෝම 6/88, ලසිත් ප්‍රනාන්දු 2/51

පානදුර ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – කඩුලු 7ක් ලකුණු 167 (පන්දුවාර 13.4): මාධව නිමේෂ් 61, නිසල් රන්දික 41, අරුණ ධර්මසේන 38, රුචිර සිල්වා 3/80


කලකට පසු T20 ජයක් ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (26) කේප්ටවුන් හිදී නිමාවට පත්විය. තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගැනීමට දෙපිළටම ඉතාමත් වැදගත් වුනු මෙය උණුසුම් තරගයකින් අනතුරුව කඩුලු 5කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලකට පසු සුපිරි ජයග්‍රහණයක ප්‍රීතිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට හිමිකර දුන්හ.

දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී ලකුණු 169 (පන්දුවාර 20): ඒ. බී. ඩිවිලියර්ස් 63, රීසා හෙන්ඩ්‍රික්ස් 41, මන්ගාලිසෝ මොසෙලි 32, ජේ. ජේ. ස්මට්ස් 19, සීක්කුගේ ප්‍රසන්න 1/21, ලක්ෂාන් සඳකැන් 1/23.

ශ්‍රී ලංකාව – කඩුලු 5ක් දැවී ලකුණු 170 (පන්දුවාර 19.5): නිරෝෂන් දික්වැල්ල 68, සීක්කුගේ ප්‍රසන්න 37, උපුල් තරංග 20, ධනංජය ද සිල්වා 19, ඉම්රාන් තහීර් 3/18, වේන් පාර්නෙල් 1/42.

සවිස්තර වාර්තාව: තුන්දින තරගය 20-20 තරගයක් වෙයි; ජය පානදුරට

 

දිනයක අවසානය