ගෙවුණු දවස ජනවාරි 25 – බංගලි සිහින අඩු ලකුණට බිඳ වැටේ

188

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්     

සිංහයින්ගෙන් සුපිරි සටනක්

Sri Lanka v Bangladeshබංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන සංචාරක කණ්ඩායම කුමක් වේ දැ යි බලා සිටින්නන්ට වේලාසනින්ම ගෙදර යෑමට පමණක් නොව අවසන් මහා තරගයේ දී පරිස්සම් වී සිටින්නට යැයි කියනා අවවාදය ද ලබා දෙමින් අද (25) බංග්ලාදේශයේ මිර්පූර් නගරයේ පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

බංග්ලාදේශය; සියලුම දෙනා දැවි 82 (24.0) මුෂ්ෆිකර් රහිම් 26, සබීර් රාහ්මන් 10, සුරංග ලක්මාල් 3/21, දුෂමන්ත චමීර 2/06, තිසර පෙරේරා 2/27, ලක්ෂාන් සඳකැන් 2/24

ශ්‍රී ලංකාව; කිසිවෙක් නොදැවී 83 (11.5) ධනුෂ්ක ගුණතිලක නොදැවී 35, උපුල් තරංග නොදැවී 39

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව මතක සිටින ජයක් සමඟින් අවසන් තරගයට


පොඩ්ඩෝ සිම්බාබ්වේ පරාජය කරති

සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි ස්ථානය සඳහා තරග වැදීමේ අවස්ථාව උදා කර ගත්හ.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4ට ලකුණු 259 (50) – ජේඩ්න් ස්චැන්ඩනඩ්‍රොෆ් 74, ඩොනල්ඩ් මැම්බෝ 52, මිල්ටන් ශුම්බා 62*, ලියම් රොකී 26*, ඇලෙස්ටෙයාර් ෆ්‍රොස්ට් 28, තිසරු රශ්මික 58/2

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට ලකුණු 260 (45.3) – නිශාන් මධුෂ්ක 109*, නිවනිඳු ප‍්‍රනාන්දු 68, අශේන් බණ්ඩාර 38*, කමිඳු මෙන්ඩිස් 17, න්කොසිලති නුන්ගු 49/2

සම්පූර්ණ වාර්තාව: ඇෆ්ගනිස්ථානය අවසන් 4ට යද්දී ශ්‍රී ලංකාව නවයට තරග වදියි


ශතක සමඟින් දින නිමාවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරග ආරම්භ කරමින් අද (25) පැවති තරග අතුරින් එස්. එස්. සී. කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම අතර තරගයේ පළමු දිනය නිමා වන විට ඉදිරියෙන් සිටීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වෙති.

මේ අතර පැවති අනෙකුත් තරගවල දී බී. ආර්. සී. කණ්ඩායමේ ශෂීන් දිල්රංග, හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු සහ සචිත්‍ර සේරසිංහ ශතක වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන පිතිකරුවෝ බවට පත්වූහ. පන්දු යැවීමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නිසල තාරකයි.

සම්පූර්ණ වාර්තාව: එස්. එස්. සී. වරාය ගිල්වීමේ වෑයමක


නවෝද් පරණවිතානගෙන් ශතකයක්

19න් පළමු පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25) නිමා වූ ගල්කිස්ස සාන්ත තෝමස් හා සාන්ත ජෝසප් විද්‍යාල අතර තරගයේ පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය. ගාල්ල මහින්ද විද්‍යාලය දැවැන්ත ලකුණකට ගිය අද දිනය තුළ විනුර දුල්සර හා නවෝද් පරණවිතාන අගනා ශතක ද්විත්වයක් වාර්තා කිරීමට සමත් විය.

එසේම අද පළමු දිනයට ක්‍රියාත්මක වූ තවත් තරගයකින් ඉසිපතනය අභිබවා නැගී සිටීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට හැකි විය.

මහින්ද විද්‍යාලය – 330/3d (73): විනුර දුල්සර 123, නවෝද් පරණවිතාන 121, කේ. කේ. කෙවින් 50*.

ද මැසනොඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 44/1 (26):

සම්පූර්ණ වාර්තාව: විනුර හා නවෝද් ගාල්ලට එළියක් වෙයි!

දිනයක නිමාව