ගෙවුණු දවස මැයි 23 – විශිෂ්ටයෙකුගේ විශ්‍රාම යෑමක්

272

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

ක්‍රීඩා ඇමති රග්බි තරග කල්දමයි

Schools Rugby Matches Postponedපසුගිය සති අන්තයේ දී පාසල් රග්බි පිටියේ ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය තිබේ.

සියලුම පාසල් අතර සම්මුතියකට පැමිණෙන තුරු මෙම තරග කල් දැමීම ක්‍රියාත්මක වන බව ඊයේ (23) නිකුත් කළ මධ්‍ය නිවේදනයක සඳහන්ය.

පසුගිය සති අන්තය සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලියට එතරම් හොඳ සතිඅන්තයක් නොවූ අතර තරග කිහිපයකටම ප්‍රේක්ෂකයින්ගෙන් බාධා සිදු වීම නිසා ගැටලුකාරී තත්වයන් පැන නැගුණි.

සම්පූර්ණ වාර්තාව: පාසල් රග්බි තරග දින නියමයකින් තොරව කල් යයි


    ක්‍රිකට්    

ඩිවිලියර්ස්ගෙන් කණගාටුදායක ප්‍රකාශයක්

වර්තමාන ක්‍රිකට් පිටියේ අද්විතීයම පිතිකරුවෙකු ලෙස සැලකිය හැකි දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස් ඊයේ (23) කිසිවකු නොසිතූ පරිදි, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළේය.

තිස් හතර හැවිරිදි මේ සුපිරි පිතිකරු අන්තර් ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සිය ප්‍රේක්ෂකයින්ට මේ පිළිබඳ ප්‍රකාශ කර සිටියේය.

ඩිවිලියර්ස්ගේ මේ තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට දරුණු මරු පහරක් වනු ඇත. ඒ ලබන වසරේ මැයි මස අග එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු බලාපොරොත්තු ඒ. බී. ඩිවිලියර්ස් මත රඳා පැවතුණු නිසයි.

සම්පූර්ණ වාර්තාව: ක්‍රිකට් පිටිය කැළඹූ ඩිවිලියර්ස්ගේ ප්‍රකාශය

දිනයක නිමාව