ගෙවුණු දවස අගෝස්තු 22 – ජයග්‍රහණය කොළඹට සහ දඹුල්ලට

208

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

සුපිරි පන්දුවෙන් කොළඹ ගොඩයද්දී දඹුල්ලට පහසු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ලකුණු 95ක ජයග්‍රහණයක් දඹුල්ල ක්‍රීඩකයන්ට සතු කරමිනි. තරගයේ ප්‍රතිවාදීන් වූයේ ගාල්ල ක්‍රීඩකයෝ ය. එමෙන්ම ඊයේ (22) සවස පැවති තරගයෙන් මහනුවර කණ්ඩායම පරාජයට පත්කළ කොළඹ කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය. එම තරගය ද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සම්පූර්ණ වාර්තාව: සුපිරි පන්දුවාරයෙන් කෙළවර වූ තරගයේ ජය කොළඹට

සාන්ත සෙබස්තියන් සහ අන්තෝනි ක්‍රීඩකයෝ අවසන් 8ට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ තරග වටය නියෝජනය කරමින් ඊයේ (22) පැවති තරගවල දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. ඒ අනුව ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වුනා.

සම්පූර්ණ වාර්තාව: මොරටු සෙබස්තියන් ක්‍රීඩකයෝ සහ වත්තල අන්තෝනුවෝ සුපිරි අටට

දිනයක අවසානය