ගෙවුණු දවස මාර්තු 21 – සුරතලුන්ගේ සංග්‍රාමයට පුලිනගෙන් නායකත්ව ඉනිමක්  

350

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

නාලන්දාව පරදා ත්‍රිත්වයින් අවසන් පූර්ව වටයට

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තවත් එක් තරගයකින් කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉනිමේ පරාජයකට ලක්කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට වරම් දිනා ගත්තේය.

 

ත්‍රිත්ව විද්‍යාලය – 267 (75.2): ජෙෆ් වීරසිංහ 62, තිසරු රශ්මික 56, ට්‍රෙවෝන් පර්සිවෙල් 32, පුබුදු බණ්ඩාර 27, හසිත බෝයගොඩ 22, මදුශාන් හසරංග 3/53, කවීෂ් මදුරප්පපෙරුම 3/56.

නාලන්ද විද්‍යාලය – 151 (33.1): සුහඟ විජේවර්ධන 72, චමිඳු විජේසිංහ 23, කවිෂ්ක සේනාධීර 4/32, තිසරු රශ්මික 2/32, විමුක්ති නෙතුමල් 2/45.

නාලන්ද විද්‍යාල දෙවන ඉනිම (F/O) – 3/1 (2):

සම්පූර්ණ වාර්තාව: නාලන්දාව අභිබවා යමින් ත්‍රිත්වයින් තවත් පිම්මක් පනී


සුරතලුන්ගේ සට‍නේ පළමු දිනයේ දී පුලින නායකත්ව පිතිකරණයක

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර 60 වැනි වරටත් පවත්වනු ලබන “සුරතලුන්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය” ඊයේ (21) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

 

 

විද්‍යාර්ථ විද්‍යාලය: පළමු ඉනිම 229/10 (74) පුලින ගුණතිලක 102*, කසුන් කරුණානායක 28, ගිහාන් ජයසේකර 28, නදීර බාලසූරිය 3/27, රුසිඳු නිස්සංක 3/47, නිම්සර අතරගල්ල 2/62

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය: පළමු ඉනිම 53/1 (19) කෙවින් ශහසර 36*, මදුශංක හෙට්ටිආරච්චි 8*, ඉෂාන් සංගීත් 1/23

සම්පූර්ණ වාර්තාව: නායකත්වයේ ඉනිමක් දියත් කළ පුලින නොදැවී ශතකයක් වාර්තා කරයි


ශෙහාන්ගේ පිතිකරණයෙන් හලාවත අවසන් හතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (21) අවසන් වූ අතර එහි දී හලාවත මේරියන්ස්, එන්. එන්. සී, සැරසන්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ. ඔවුන් වෙතින් පරාජය වූයේ ටැමිල් යූනියන්, බී. ආර්. සී, කෝල්ට්ස් සහ රාගම කණ්ඩායම් ය.

සම්පූර්ණ වාර්තාව: ෂෙහාන්, තරංග, දිමුත් සහ දසුන් දක්ෂ පිතිකරණයක

දිනයක අවසානය