ගෙවුණු දවස පෙබරවාරි 21 – ලකුණු 2කින් හැව්ලොක්ට අවසන් තරගය මඟ හැරේ

149

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ආනන්ද විද්‍යාලයත් සුපිරි 8 දෙනාගේ වටයට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර අවසන් 16 දෙනාගේ වටයේ තරග මේ වන විට පැවැත්වේ. ඒ අතරින් ආනන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය සුපිරි 8 දෙනාගේ වටයට තේරී පත්වූ පළමු කණ්ඩායම් දෙක බවට ඊයේ (21) පත්වුයේ පිළිවෙළින් සාන්ත පීතර හා සාන්ත ඇලෝසියස් විද්‍යාල පරාජය කරමිනි.

ඊට අමතරව ඊයේ පැවැත්වූ තරගවල දී වැඩි දස්කම් දැක්වීමට පුබුදු බණ්ඩාර, නිෂිත අභිලාෂ්, ලක්ෂිත රසාංජන හා සිතාර හපුහින්න සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය – 128 (44.1): මොහොමඩ් අමීන් 22, දෙනෙත් ප්‍රමුදිත 4/34, අශෙල් සිගේරා 3/14.

ආනන්ද විද්‍යාලය  – 213 (70.5): කනිෂ්ක රන්තිලකගේ 51, ශමල් හිරුශාන් 45*, කවිඳු ගිම්හාන 26, සන්තුෂ් ගුණතිලක 3/43, මොහොමඩ් අමීන් 3/81.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම –  166/4 (56): සුලක්ෂණ ප්‍රනාන්දු 69, නිපුන්ක ෆොන්සේකා 46.

සම්පූර්ණ වාර්තාව: ආනන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය සුපිරි 8 වටයට


රග්බි –

මහනුවර සහ නාවික හමුදාව ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් තරගයට

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (21) පැවති අතර එහි පළමු තරගය මහනුවර ක්‍රීඩා සමාජය හා CR & FC කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 38- 26ක් ලෙස ජය හිමි කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

දෙවන අවසන් පූර්ව වටයේ තරගය හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති අතර එයින් ලකුණු 28-26ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

සම්පූර්ණ වාර්තා සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට

දිනයක නිමාව