ගෙවුණු දවස ජුනි 20 – ශ්‍රී ලංකා A සංචිතයේ වෙනස්කම්

391

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

වයඹට සහ මධ්‍යමට ජය

වයස අවුරුදු 19න් පහළ දක්ෂයන් සොයමින් සැරි සැරූ ගමනේ A කොටසේ කණ්ඩායම් අතර තරග අවසන් කරමින් ඊයේ (20) පැවති තරග අතුරින් ජයග්‍රහණ වාර්තා කිරීමට මධ්‍යම පළාත සහ වයඹ පළාත සමත් වුනා. ඔවුන් වෙතින් පරාජය වුනේ පිළිවෙළින් උතුරු පළාත් කණ්ඩායම සහ වයඹ පළාත් කණ්ඩායමයි

සම්පූර්ණ වාර්තාව: මධ්‍යම සහ වයඹ ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කරති

මිලන්ත සහ ප්‍රනාන්දු ශ්‍රී ලංකා A කණ්ඩායමට

කඩුලු රකින පිතිකරුවෙක් වන ලහිරු මිලන්ත හා වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා A සංචිතයට ඇතුලත් කර ඇත.

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා A කණ්ඩායම පසුගිය 12 වැනිදා නිල වශයෙන් මාධ්‍යයට නිකුත් වූ අතර එම සංචිතයේ උපනායක ලෙස නම් කර තිබූ දසුන් ශානක හා ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු  පිණිස කොදෙව් දේශයට කැඳවා ඇත. එයට හේතු වූයේ ඇන්ජලෝ මැතිව්ස් හා ආබාධයකට ලක්වූ ලහිරු ගමගේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අතරතුර සංචාරයෙන් ඉවත්ව හදිසියේම මෙරටට පැමිණීමයි.

එබැවින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ පුරප්පාඩුව පියවීම වෙනුවෙන් සූදානම්ව තබා තිබූ ප්‍රනාන්දු හා මිලන්තව ශ්‍රී ලංකා A කණ්ඩායමට කැඳවීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

සම්පූර්ණ වාර්තාව: ශානක හා ගුණතිලකගේ අඩුව පුරවන්න මිලන්ත හා ප්‍රනාන්දු

මහේල නැවතත් වැඩ පෙන්වන්නට සැරසේ

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන නේපාලය හා නෙදර්ලන්තය සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජය (Marylebone Cricket Club) මෙහෙයවීමට නියමිතයි. මාලිබෝන් ක්‍රිකට් සමාජය ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වන අතර තරගාවලිය ලබන මාසයේ එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

තරගාවලිය ජූලි 29 වැනිදා ආරම්භ වන අතර මාලිබෝන් ක්‍රිකට් සමාජය නෙදර්ලන්තය හා නේපාලය සමඟින් තරග වදිනු ඇත.

දිනයක අවසානය