ගෙවුණු දවස පෙබරවාරි 20 – ශෙහාන්ට නිදහස් කුසලානය මඟ හැරේ?

270

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

සුහද තරගයෙන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ජය

සුහද තරගයක් ලෙස පැවැත්වූ තරගයකින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලය වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හමුවේ කඩුලු  10කින් පරාජය විය. එහි දී කනිශ්ක නානායක්කාර හා යොහාන් පීරිස්ගේ දස්කම් කැපී පෙනින. ඊට අමතරව  ඊයේ පැවැත්වූ තරගවල දී ආනන්ද විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය තරගයේ වැඩි වාසිය තමන් සතු කර ගන්නා ලදි.

ජනාධිපති විද්‍යාලය – 113 (32.3): ටශික නිර්මාල් 23, අකිල රොශාන් 22, කනිශ්ක නානායක්කාර 6/42.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 320/8d (71.4): යොහාන් පීරිස් 112*, කනිශ්ක නානායක්කාර 55, සොහාන් අනුරුද්ධ 45, හසිඳු ප්‍රමුඛ 4/106.

ජනාධිපති විද්‍යාල  දෙවන ඉනිම –  207 (49.5): රිෆාස් මවුරෆ් 53, රසිත ලක්මාල් 34, ගනිඳු දෙව්මින 36, හිරුන සිගේරා 28, දනංජය පෙරේරා 4/56, කනිෂ්ක නානායක්කාර 3/66.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 6/0 (0.1):

සම්පූර්ණ වාර්තාව: යොහාන් හා කනිශ්ක සාන්ත ජෝසප් වාස් ජය තහවුරු කරයි


තවත් ක්‍රීඩකයෙකුට නිදහස් කුසලානය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායම හා  බංග්ලාදේශය අතර පසුගිය 18 වැනිදා සිලෙට් හිදී අවසන් වූ දෙවන විස්සයි විස්ස තරගය අතරතුර දී ශ්‍රී ලංකා නවක යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුෂංක ආබාධයකට ලක්විය.

ඒ නිසාවෙන් ඔහුට මාසයක පමණ කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර ඒ අනුව ලබන 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

සම්පූර්ණ වාර්තාව: තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් ආබාධයකට; නිදහස් කුසලානයත් මඟ හැරේ?

දිනයක නිමාව