ගෙවුනු දවස සැප්තැම්බර් 9 – T20 තරගයක් ලාහෝර් නුවර දී

388

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ශ්‍රී ලංකා – පාකිස්තාන තරග කාලසටහන මාධ්‍යයට

Sri Lanka vs Pakistan 2017පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් මාධ්‍යයට නිකුත් කර ඇත.

තරගාවලිය ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 5කින් සහ පන්දුවාර විස්ස තරග 3කින් සමන්විත වන අතර එහි අවසන් පන්දුවාර 20 තරගය ඔක්තෝබර් මස 29 වන දා ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

මෙම මස 28 වන දා ආරම්භ වන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් සම්පූර්ණ තරග සංචාරය ආරම්භ වන අතර එහි දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ඔක්තෝබර් මස 6 වන දා සිට 10 වන දා දක්වා ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා – පාකිස්තාන තරග කාලසටහන නිකුත් වේ


අවිශ්ක ප්‍රනාන්දුගෙන් අර්ධ ශතකයක්

pic 2 (6)

දිවයින පුරා ව්‍යාප්ත වූ කුසලතා පූර්ණ ක්‍රීඩා තරු ජාත්‍යන්තරය කරා රැගෙන යාමට දිරිදෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග ඊයේ (09) ආරම්භ වූයේ ක්‍රීඩාංගණ 3ක් පදනම් කර ගනිමිනි.

පසුගිය වර කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය මෙවර තවදුරටත් ව්‍යාප්ත වී ඇත්තේ විශිෂ්ට කණ්ඩායම් 10ක් ඒකරාශී කරගෙනයි. ඊයේ පැවති තරගවල දී සම්පත් බැංකුව සහ හැටන් නැශනල් බැංකුව ජයග්‍රහණ හිමි කරගත් අතර ටීජේ ලංකා සමාගමේ ජය අවසන් මොහොතේ දී වර්ෂාව පැහැර ගැනීමට සමත් විය.

සම්පත් බැංකුව – සියල්ලන්ම දැවී ලකුණු 237 (පන්දුවාර 44.3): අවිශ්ක ප්‍රනාන්දු 65, රොමේෂ් බුද්ධික 59, හසන්ත ප්‍රනාන්දු 31, තික්ෂිල ද සිල්වා 3/36, රමේෂ් මෙන්ඩිස් 2/22.

ඩිමෝ (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 31.3): ලසිත් අබේරත්න 28, මතීෂ පෙරේරා 22, ප්‍රභාත් ජයසූරිය 4/32, කසුන් රාජිත 2/38, තරිඳු කෞෂාල් 2/33.

හැටන් නැශනල් බැංකුව (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 40.3): දේශාන් ඩයස් 51, මාධව වර්ණපුර 51, අකිල ධනංජය 3/36, අලංකාර අසංක 3/45.

කැන්රිච් ෆිනෑන්ස් (A කණ්ඩායම) – කඩුලු 8ක් දැවී ලකුණු 99 (පන්දුවාර 27.2): කසුන් විදුර 36, අලංකාර අසංක 21, ලහිරු විමුක්ති 4/39, නවීන් ගුණවර්ධන 2/22.

සම්පූර්ණ ලකුණු වාර්තාව: සම්පත් සහ HNB ජය ලබද්දී, වර්ෂාව ටීජේ ලංකා ජය සොරා ගනියි!


තරිඳුගේ අනර්ඝ කඩුලු දවා ගැනීම

image1 (14)

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2017/18 වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරග යුනිලීවර් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ඊයේ (9) ආරම්භ විය.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් සහභාගි වන අතර, ඒ ඒ කණ්ඩායම් තරගාවලියේ පළමු වටය තුල දී එහි සිටින සෑම කණ්ඩායමක් සමඟින්ම තරග කරනු ඇත.

තරගාවලියේ පළමු තරගය ජෝන් කීල්ස් B කණ්ඩායම හා යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති අතර අවසානයේ ලකුණු 174ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් B කණ්ඩායම සමත් විය.

ජෝන් කීල්ස් B – සියල්ලන්ම දැවී 253 (42.3): කවීන් බණ්ඩාර 44, රවිඳු කොඩිතුවක්කු 40, ගිහාන් ද සොයිසා 3/31, හර්ශන රාජේන්ද්‍ර 2/53.

යුනිලීවර් ශ්‍රී ලංකා – 79/10 (21.5): මදූශ රාජරත්න 23*, තරිඳු රත්නායක 5/14, අක්තාබ් කාඩර් 3/10.

සම්පූර්ණ වාර්තාව: තරිඳුගේ කඩුලු දඩයම ජෝන් කීල්ස්ට දිනුම ගෙනෙයි

   පාපන්දු   

ජාවා ලේන් හමුවේ පොලිසිය පරදී

pic 4 (4)

2017 Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන සතියේ තරගයක් ලෙස පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය ගෝල 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරගන්නට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය.

  • පළමු අර්ධය: පොලිස් SC 0 – 1 ජාවා ලේන් SC
  • සම්පූර්ණ කාලය: පොලිස් SC 0 – 3 ජාවා ලේන් SC
  • ThePapare.com තරගයේ වීරයා – රිස්කාන් ෆයිසර්

සම්පූර්ණ වාර්තාව: ජාවා ලේන් හමුවේ පොලිසිය පරාජය වේ

දිනයක අවසානය