ගෙවුනු දවස සැප්තැම්බර් 28 – ප්‍රථම දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

212

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

හේලීස් පිලට හර්ෂ රාජපක්ෂගෙන් අර්ධ ශතකයක්

MCA-Div2

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ඊයේ (28) කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති අතර එහි දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 9ක තියුණු ජයක් ලබා ගැනීමට හේලිස් කණ්ඩායම සමත් විය.

හේලිස් කණ්ඩායම – 206/8 (50): හර්ෂ රාජපක්ෂ 71, සචිත්‍ර සේරසිංහ 61, සාරංග රාජගුරු 2/28, අකිල ධනංජය 2/38, දිනේශ් බුද්ධික 2/47.

කැන්රිච් ෆිනෑන්ස් – 251/9 (50): ඕශධ ප්‍රනාන්දු 72, කසුන් විදුර 71, ඇන්ඩි සොලමන්ස් 3/31, විනූ මොහොට්ටි 2/15, අලි කාන් 2/35.

සම්පූර්ණ වාර්තාව: රාජපක්ෂගේ පිතිකරණය නිසා හේලිස් පිලට තියුණු ජයක්


දෙවැනි දිනයේ දී චන්දිමාල්ගෙන් ශතකයක්?

SLvPAK-1st-test-Day-1

වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමත්, නායක චන්දිමාල් සහ දික්වැල්ල සටන්කාමී ලෙස ගොඩ නැගූ ලකුණු 66ක නොබිඳුනු සබඳතාවයත් නිසා ශ්‍රී ලංකා – පාකිස්තාන ප්‍රථම ටෙස්ට් තරගයේ පළමු දිනය සංචාරක ශ්‍රී ලංකා පිළට වැඩි වාසි ගෙන දෙමින් ඊයේ (28) නිමාවට පත්විය. ඒ අනුව ප්‍රථම දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 227කි.

අබුඩාබි නුවර ශේක් ස‍යිඩ් ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ තරගය සඳහා කණ්ඩායම් නම් කිරීමේ දී පාකිස්තානය යොවුන් ක්‍රීඩක හැරිස් සොහේල්ට මංගල ටෙස්ට් වරම් හිමිකර දී තිබුණ ද ශ්‍රී ලංකා පිළ සංචාරය සඳහා කැටුව ගිය සදීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වා කෙරෙහි කිසිදු අවධානයක් යොමු කොට තිබුණේ නැත.

සම්පූර්ණ වාර්තාව: දිමුත්ට ශතකය අහිමි වුවත් දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට!

දිනයක අවසානය