ගෙවුනු දවස සැප්තැම්බර් 25 – සාන්ත මරියා ක්‍රීඩකයෝ දස්කම් අතරට

318

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

අශේන් ගුණවර්ධනගෙන් ඉසිපතනයට ශතකයක්

U19 Round - upතුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන 18 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙකු වන සුපුන් කුමාරගේ සුවිශේෂී හැකියාවන් හේතුවෙන් අද (25) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව පැවති තරගය ලකුණු 77කින් ජය ගැනීමට කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට හැකි විය. ඒ හැරුණු කොට අද ආරම්භ වුන ලුම්බිණි – ඉසිපතන ටෙස්ට් සටනේ පළමු දිනය උණුසුම් අවසානයක පෙරනිමිති පහළ කරමින් නිමාවට පත්විය.

සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 43.1): අකලංක දිනේෂ් 24, සුජිත් කුමාර 23, ජනිඳු වත්සල 3/24, දිනුෂ්ක ඉමේෂ් 2/03, අරෝෂ මධුෂාන් 2/14, හචිත තිමල් 2/19.

බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 74 (පන්දුවාර 29.3): ජනිඳු වත්සල 42, සුපුන් කුමාර 4/22, අකලංක දිනේෂ්  2/06, සජීව ජයමාල් 2/19.

සාන්ත මරියා විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 46.3): සුපුන් කුමාර 32, සචින් ෆොන්සේකා 22, දිනුෂ්ක ඉමේෂ් 2/06, ජනිඳු වත්සල 3/30, හචිත තිමල් 3/46, අරෝෂ මධුෂාන් 2/21.

බණ්ඩාරනායක විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 72 (පන්දුවාර 29): සයුරු රුෂේන් 25, සුපුන් කුමාර 5/40, සංජය ජයමාල් 3/15.

ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 68): අශේන් ගුණවර්ධන 84, ඉශාන් ප්‍රනාන්දු 29, කලීක් අමත් 30, විමුක්ති කුලතුංග 4/57, ගයාශාන් කරුණාරත්න 2/8.

ලුම්බිණි විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 56 (පන්දුවාර 25): පූර්ණ සඳරුවන් 24.

සම්පූර්ණ වාර්තාව: චයිනමන් පන්දුවෙන් සාන්ත මරියා ජය සෙවූ පාසල් ක්‍රීඩකයා


මොබිටෙල් කණ්ඩායම MAS හමුවේ පරාජය වේ

crවෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ නැවත වතාවක් තම අපරාජිත බව රැක ගැනීමට MAS සිලුඒටා කණ්ඩායම අද (25දා) දිනයේ දී ද සමත් විය. ඒ කටුනායක වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී මොබිටෙල් සමාගම සමඟ පැවති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

මේ අතර දිනයේ වේලාසනින්ම නිමා වූ තරගය ලෙස වාර්තා වූයේ කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී පැවති තරගයයි. ඒ DHT සිමෙන්ති සමාගම සහ ජෝන් කීල්ස් සමාගම අතර පැවති තරගයයි. එම තරගයෙන් ජෝන් කිල්ස් සමාගමට කඩුලු 9ක ජයග්‍රහණයක් හිමි විය.

වර්ෂාව හේතුවෙන් තරගයට බාධාවන් එල්ල වූව ද මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් පිටියේ දී පැවති තරගයේ දී සිංගර් ශ්‍රී ලංකා සමාගම පරදා ජයග්‍රහණය කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ වාර්තාව: MAS සිලුඒටා, ජෝන් කීල්ස් සහ යුනිලිවර් ජයග්‍රහණ වාර්තා කරයි


   රග්බි   

16න් පහළ රග්බි පිටිය උණුසුම් වේ

10 schools are qualified for the final round of the rugby tournamentsපාසල් රග්බි සංගමය, මයිලෝ ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 16න් පහළ 15 සාමාජික අන්තර් පාසල් පළමු පෙළ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග අද (25) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය.

එහි දී විද්‍යා විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ඩී. එස් සේනානායක විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මලියදේව විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, සහිරා විද්‍යාලය හා ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය යන පාසල් ජයග්‍රහණ ලබාගෙන අවසන් වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: ඉසිපතනය, විද්‍යා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක් අවසන් වටයට

දිනයක අවසානය