ගෙවුනු දවස සැප්තැම්බර් 17 – වෙළඳසේවා ක්‍රිකට් පිටිය උණුසුම්

145

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    ක්‍රිකට්    

මිලන්ත සහ මිනෝද්ගෙන් විශිෂ්ට දස්කම්

MCA Premier League

දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු තරු සොයා යාමට දිරිදෙන 25 වැනි සිංගර් වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 5ක් ඊයේ (17) ක්‍රියාත්මක විය. එහි දී ප්‍රතිවාදීන් පරාජය කරමින් ජයග්‍රහණ වාර්තා කර ගත්තේ MAS යුනිචෙලා, ටීජේ ලංකා, ජෝන් කීල්ස්, LB ෆිනෑන්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන කණ්ඩායම් 5යි.

ඊයේ දිනයේ පිත්තෙන් සුපිරි දක්ෂතා දක්වමින් තම කණ්ඩායම් ජයග්‍රහණය කරවීමට තවමත් යොවුන් වියේ පසුවන නවක ක්‍රීඩකයින් රැසක් වන වනිඳු හසරංග, ලහිරු මිලන්ත, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් සමත් වෙද්දී ඉෂාර අමරසිංහ, ජෙෆ්රි වැන්ඩර්සේ වැනි පන්දු යවන්නන් ප්‍රතිවාදී කණ්ඩායම් තම හැකියාවෙන් අසරණ කර දැමීමට කටයුතු කළහ.

සම්පූර්ණ වාර්තාව: නවකයින්ගේ දිනයකදී වනිඳු, මිලන්ත සහ මිනෝද් තරග දිනවා දෙයි


දිනෙත් තිමෝද්‍ය 40

Dineth

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන තරග දෙකක් ඊයේ (17) පැවැත්විය. එහි දී MAS සිලුඒටා හා DHT සිමෙන්ති කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

කොමර්ෂල් ක්‍රෙඩිට් – 106/9 (21): අකීල් ඉන්හාම් 30, සනිත ද මෙල් 25, අනුර ඩයස් 25, නිමන්ද මදුසංක 2/10, කෞශල්‍යය ගජසිංහ 2/05.

MAS සිලුඒටා – 107/4 (15.1): කෞශල්‍යය ගජසිංහ 30*, දෙනුවන් රාජකරුණා 21*, දනෝෂ් ද සිල්වා 2/17.

යුනිලීවර් ශ්‍රී ලංකා – 98/10 (24): ඩිලාන් සුරවීර 26, කවිඳු බණ්ඩාර 3/16, තිලාන් නිමේෂ 2/25.

DHT සිමෙන්ති ආයතනය – 101/7 (19.3): දිනෙත් තිමෝද්‍ය 40, යොමේශ් රණසිංහ 3/20.

සම්පූර්ණ වාර්තාව: කෞශල්‍යය ගජසිංහ සහ දිනෙත් තිමෝද්‍ය කණ්ඩායම් ගොඩදායි


  වොලිබෝල්  

Merc volleyball

2017 වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් සහ ඩේවිඩ් පීරිස් ක්‍රීඩකයින්, චැම්පියන්ස් ලීග් කාණ්ඩයේ ශූරතා ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, සුපර් ලීග් කාණ්ඩයේ ශූරතා ජයග්‍රහණය කිරීමට MAS කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් සහ MAS ඇක්ටිව් ක්‍රීඩකයින් සමත් විය.

තරගාවලියේ අවසන් මහා තරග ඊයේ (17) මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවැත්විය.

සම්පූර්ණ වාර්තාව: දක්ෂතම ක්‍රීඩකයා ශෙහාන්; ක්‍රීඩිකාව තක්ෂිලා


    පාපන්දු    

සෝන්ඩර්ස් ගුවන් හමුදා තරගය ජය පරාජයෙන් තොරයි

Saunders v Air Force

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය යටතේ ඊයේ (17) කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

  • සම්පූර්ණ කාලය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 0 – 0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • ThePapare.com තරගයේ වීරයා – දුමිඳු හෙට්ටිආරච්චි (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය)

සම්පූර්ණ වාර්තාව: සෝන්ඩර්ස් සහ ගුවන් හමුදාව අතර උණුසුම් තරගයක්

දිනයක අවසානය