ගෙවුණු දවස ඔක්තෝබර් 07 – ශූරතාවය ඉසිපතනයට

251

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

දිමුත් ද්විත්ව ශතකය ආසන්නයේ දී දැවී යයි

පාකිස්තානු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනය (07) නිමා වෙද්දී තරගය තුල සුරක්ෂිත වන්නට ශ්‍රී ලංකා පිළ සමත් වී සිටියි. ඒ අනුව මෙම තරගය බොහෝ දුරට ජය පරාජයකින් තොරව හෝ ජයග්‍රහණයකින් යුතුව නිමාවීමට ඉඩකඩ පවතී.

එහි දී හෙට (08) දිනයේ පාකිස්තානු පිතිකරුවන් සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර ඇතිවෙන උණුසුම් ගැටුම අවසානයේ තරගයේ දිශානතිය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 482 (පන්දුවාර 159.2): දිමුත් කරුණාරත්න 196, දිනේෂ් චන්දිමාල් 62, දිල්රුවන් පෙරේරා 58, නිරෝෂන් දික්වැල්ල 52, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 6/184, මොහොමඩ් අබ්බාස් 2/100.

පාකිස්තානු (ප්‍රථම ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 51 (පන්දුවාර 18): සැමී අස්ලාම් 30*, ශාන් මසූඩ් 15*.

සම්පූර්ණ වාර්තාව: දිමුත්ගේ ශතකයෙන් හැඩවුණු ඉනිම පාකිස්තානුවන් හඹායාම අරඹයි!


ජෝන් කීල්ස් අවසන් සටනට

දක්ෂ පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු වන මලිදු මදුරංගගේ අර්ධ ශතකය සමඟින් බලගැන්වුනු පවර් ටෙක් කණ්ඩායම, ඊයේ (7) පැවැත්වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් පූර්ව තරගයක දී ජෝන් කීල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (B) – 149/10 (44.5): කවීන් බණ්ඩාර 39, රවිඳු කොඩිතුවක්කු 24, ලහිරු ප්‍රනාන්දු 5/29, දසුන් සෙනෙවිරත්න 3/15.

පවර් ටෙක් – 151/3 (21.3): මලිදු මදුරංග 50, දිනෙත් තිමෝද්‍ය 39, මනෙල්ක ද සිල්වා 28*, දසුන් සෙනෙවිරත්න 20*, සසිඳු පෙරේරා 2/47.

සම්පූර්ණ වාර්තාව: මලිදු මදුරංග පවර් ටෙක් කණ්ඩායම අවසන් තරගයට රැගෙන යයි


    රග්බි    

සමස්ත ලංකා ජය ඉසිපතනයට

සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. තරගාවලිය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ ඉසිපතන ක්‍රීඩකයින් හමුවේ අවසාන තරගයේ දී පරාජය වූයේ, තරගාවලියේ තවත් ප්‍රබල කණ්ඩායමක් වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කණ්ඩායමයි.

ඒ අනුව විද්‍යා විද්‍යාලය තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අතර මොරටුව මොරටු මහා විද්‍යාලය තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඉසිපතන විද්‍යාලයේ නදීෂ් චාමින්ද තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මානය පාත්‍ර විය.

සම්පූර්ණ වාර්තාව: විද්‍යා ක්‍රීඩකයින් අසරණ කරමින් ශූරතාවය ඉසිපතනය ඩැහැ ගනී

දිනයක අවසානය