ගෙවුණු දවස ඔක්තෝබර් 23 – ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්

118

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

 ක්‍රිකට්  –

පාකිස්තානයට පූර්ණ තරගාවලි ජයක්

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලිය පුරාවටම අතිශය අසාර්ථක වීම නිසාත්, කණ්ඩායම තේරීමේ දී සිදු වූ අඩුපාඩු සහ දුර්වලතාවයන් නිසාත් පාකිස්තානය සමඟ පැවති එක්දින තරගාවලිය ඊයේ (23) නිමාවට පත්වූයේ තරග 5-0ක් ලෙසිනි.

ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ බලධාරීන්ට එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීම නැවත මුල සිටම අරඹන්නට සිදුවන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ ඊයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා වූයේ ශ්‍රී ලංකා පිළ අඛණ්ඩව ලැබූ 12 වන එක්දින පරාජය වන බැවිනි!

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 103 (පන්දුවාර 26.2): තිසර පෙරේරා 25, ලහිරු තිරිමාන්න 19, සීක්කුගේ ප්‍රසන්න 16, දුෂ්මන්ත චමීර 11, උස්මාන් කාන් 5/34, හසන් අලි 2/19, ශදාබ් කාන් 2/24.

පාකිස්තානය – එක් කඩුල්ලක් දැවී ලකුණු 105 (පන්දුවාර 20.2): ෆකාර් සමාන් 48, ඉමාම් උල්-හක් 45*, ෆහීම් අශ්රාෆ් 5*, ජෙෆ්රි වැන්ඩර්සේ 1/30.

සම්පූර්ණ වාර්තාව: බිඳ වැටීම්, කලකිරීම් මැද ශ්‍රී ලංකාවට 5-0ක තරගාවලි පරාජයක්


වොලිබෝල්

15න් ශූරතාවය උහන තිස්සපුරට සහ සාන්ත සේවියර් විදුහලට

2017 වසර සඳහා වන DSI වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ තරග අංශයේ අවසන් මහා තරග ඊයේ (23) අවසන් වූ අතර එහි දී බාලක අංශයේ ශූරතාවය මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයත්, බාලිකා අංශයේ ශූරතාවය අම්පාර උහන තිස්සපුර විද්‍යාලයත් ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගාවලියේ ඊයේ පැවති 17න් පහළ බාලිකා අංශයේ අවසන් මහා තරගයෙන් මහඋස්වැව රතනපාල විද්‍යාලය පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට හැකි විය.

සම්පූර්ණ වාර්තාව: 17න් පහළ බාලිකා ශූරතාවය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයට

දිනයක අවසානය