ගෙවුණු දවස ඔක්තෝබර් 22 – නාලන්ද සහ මියුසියස් ශූරතා දිනති

156

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

අතපත්තුගේ උත්සාහය අපතේ යයි

ස්ටෙෆනි ටේලර් හා ඒෆයි ෆෙලෙචර්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා කොදෙව් කාන්තා කණ්ඩායම අතර ඊයේ (22) පැවැත්වූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ද ලකුණු 47කින් ජයග්‍රහණය කිරීමට කොදෙව්වන්ට හැකි විය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම – 154/6 (20): ස්ටෙෆනි ටේලර් 49, ඩියැන්ඩ්‍රා ඩොටින් 27, කිසියා නයිට්  23*, බ්‍රිට්නි කූපර් 23, ඉනෝකා රණවීර 2/47.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 107/10 (19.4): චමරි අතපත්තු 30, යසෝදා මෙන්ඩිස් 22, ඒෆයි ෆෙලෙචර් 5/12, හෙයිලි මැතිව්ස් 2/25.

සම්පූර්ණ වාර්තාව: අතපත්තුගේ වෑයම වරදියි; කොදෙව්වන්ට ජය


හොකී

දක්ෂතම ක්‍රීඩකයා බෝධික සහ ක්‍රීඩිකාව දිනාරා

කොළඹ රාජකීය විද්‍යාලය විසින් 16 වන වරටත්  සංවිධානය කළ නීල ස්වර්ණ හොකී ශූරතාවලිය, රාජකීය හොකී ක්‍රීඩා පිටියේ දී ඊයේ (22) නිමාවට පත් විය. දින දෙකක් පුරාවට පැවති තරගාවලිය සඳහා සිංගර් ආයතනය අනුග්‍රාහකත්වය දැක්විය.

1992 වසරේ දී ආරම්භ වුනු මෙම තරගාවලිය රාජකීය හොකී සංගමය සහ රාජකීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබයි. ඊයේ වන විට ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගාවලි අතර ඉහළ නමක් දිනා සිටින හොකී තරගාවලියක් වන මෙය සඳහා දිවයින පුරා පිහිටි පාසල් 60කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙයි.

සම්පූර්ණ වාර්තාව: නාලන්ද හා මියුසියස් විදුහල් ශූරතා දිනති

දිනයක අවසානය