ගෙවුණු දවස ඔක්තෝබර් 21 – ආගන්තුකයින් අසරණ කරමින් ජය මහනුවරට

232

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

විස්සයි විස්ස නායකත්වය තිසරට

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (21) පියවර ගන්නා ලදි.

නිත්‍ය සීමිත පන්දුවාර නායක උපුල් තරංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් පාකිස්තානයේ පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගය සඳහා සහභාගී වීමට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බැවින් මෙම සංචිතයේ නායකත්වය පවරා තිබෙන්නේ තිසර පෙරේරා හටයි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග සංචිතය – තිසර පෙරේරා (නායක), ඩිල්ශාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, මිනෝද් භානුක, අශාන් ප්‍රියංජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සේ, චතුරංග ද සිල්වා, විකුම් සංජය, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන.

සම්පූර්ණ වාර්තාව: ජ්‍යෙෂ්ඨයන් බෑ කියද්දී විස්සයි විස්ස සුක්කානම තිසරට


MAS සිලුඒටා පිලට ජය

ෆෙයාර් ඇන්ඩ් ලව්ලි අනුග්‍රහයෙන් පැවති අභිනව වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ඊයේ (21) MAS සිලුඒටා කණ්ඩායම සමත් විය. ඒ ප්‍රතිවාදී පවර් ටෙක් සිමෙන්ති සමාගම කඩුලු 5කින් පරාජය කරමිනි.

කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති අවසන් මහා තරගය මීට දින කිහිපයකට පෙර පැවැත්වීමට සූදානම් කර තිබුණ ද, පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගය කිහිප විටක් කල් දමන්නට සංවිධායකයින්ට සිදු විය. කෙසේ වෙතත් ඊයේ දිනයේ තරගය පැවැත්වුණේ වර්ෂාවේ කිසිදු බාධාවකින් තොරවයි.

පවර් ටෙක් සිමෙන්ති – කඩුලු 9ක් දැවී ලකුණු 247 (පන්දුවාර 50): ලහිරු ජයකොඩි 56, දිනෙත් තිමෝද්‍ය 53, දසුන් සෙනවිරත්න 42, නිමන්ද මධුශංක 2/32, බුද්ධික සංජීව 2/41, දුශාන් හේමන්ත 2/49.

MAS සිලුඒටා – කඩුලු 5ක් දැවී ලකුණු 249 (පන්දුවාර 40.3): ශෙහාන් ප්‍රනාන්දු 65, ඉශාන් නිලක්ෂ 47, නිමන්ද මධුශංක 40, සංගීත් කුරේ 29*, ඇන්ජෙලෝ එමනුවල් 24*, තිලාන් නිමේෂ් 2/25, මාලිංග ද සිල්වා 2/41.

සම්පූර්ණ වාර්තාව: තුන් ඉරියව් දක්ෂතා නිසා ශූරතාවය MAS සිලුඒටා කණ්ඩායමට!


ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය, 1-1ක් ලෙස සම කරන්නට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ (21) සමත් විය. ඒ දෙරට අතර පැවති දෙවන සිව් දින තරගයෙන් දින තුනක් තුල ලකුණු 280ක දැවැන්ත ජයක් වාර්තා කරමිනුයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 294 (73.3) – දසුන් ශානක 102*,ධනංජය ද සිල්වා – 73, චරිත් අසලංක – 41, රොෂේන් සිල්වා – 30, කියොන් ජෝසප් – 3/32, ඩේමියන් ජෙකබ්ස් – 2/74, රකීම් කෝන්වෝල් – 2/85

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 137 (44.3) – රකීම් කෝන්වෝල් – 46, සුනිල් අම්බ්‍රිස්  -29, ශෙල්ඩන් කොට්‍රේල් 18, මාලින්ද පුෂ්පකුමාර – 6/52, ෂෙහාන් ජයසුරිය – 2/8

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම (අත්හිටුවන ලදි) – 267/9 (67.5) – රොෂේන් සිල්වා – 86, දසුන් ශානක – 60, වනිඳු හසරංග – 50*, ෂෙහාන් ජයසුරිය – 32, රකීම් කෝන්වෝල් – 5/107

කොදෙව් ‘ඒ’ දෙවන ඉනිම – (සියල්ලන් දැවී) – 144 (54) – සුනිල් අම්බ්‍රිස්  – 41, ඔශේන් – 18, ශෙල්ඩන් කොට්‍රේල් 17, මාලින්ද පුෂ්පකුමාර – 6/46, ෂෙහාන් ජයසුරිය – 2/48

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එකට එක කරයි


රග්බි –

මහනුවරට ප්‍රබල ජයක්

මහනුවර ක්‍රීඩා සමාජය හා සිංගප්පූරු ජාතික රග්බි කණ්ඩායම අතර රග්බි තරගයක් ඊයේ (21) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ආගන්තුකයින් අසරණ කරමින් 44-14ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

අවසන් වරට බහරේන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජයට 23-24ක් ලෙස එක් ලකුණකින් පරාජය හිමි වූ අතර ඊට ප්‍රථම අබුඩාබි කණ්ඩායම අතර පැවති තරගය 29-29ක් ලෙස සමව අවසන් වූයේ තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙක අතර සමව බෙදී යමිනි.

  • පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 22-07 සිංගප්පූරු ජාතික කණ්ඩායම
  • අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 44-14 සිංගප්පූරු ජාතික කණ්ඩායම
  • ThePapare.com තරගයේ වීරයා: අනුරුද්ධ විල්වර

සම්පූර්ණ වාර්තාව: සිංගප්පූරුව පරදා මහනුවරට විශිෂ්ට ජයක්

දිනයක අවසානය