ගෙවුණු දවස ඔක්තෝබර් 12 – කොදෙව්වෝ තවත් ඉදිරියට

187

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

කමිදුගෙන් 158ක්

අනාගත ක්‍රිකට් වීරයන් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) ආරම්භ විය. අද දිනයේ දී කමිඳු මෙන්ඩිස් ලකුණු 158ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත විය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 57/10 (22.3): දිලුම් සුධිර 3/11, ධනංජය ලක්ෂාන් 3/23.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 364/5 (64):  කමිඳු මෙන්ඩිස් 158, ධනංජය ලක්ෂාන් 54, කසුන් තාරක 41, ආධිත්‍යය සිරිවර්ධන 41,  තවීෂ අභිශේක 33, සංජන මෙන්ඩිස් 2/81.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 239/10 (68.1): නිම්සර අත්තනගල්ල 44, මනුමොහන්  සවිත්‍රරන් 42, පසන් හෙට්ටිආරච්චි 30, මන්ජිත් රාජපක්ෂ 25,  රොමල් මේනුක 5/72, ක්‍රිශාන් සංජුල 2/19.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 34/0 (11.2):

සම්පූර්ණ වාර්තාව:  කමිඳු මෙන්ඩිස් රිච්මන්ඩ් ඉනිම ශක්තිමත් කරයි


කොදෙව්වෝ ප්‍රබල තැනක

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’  කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’  කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 44කට සීමා වුවත්, පළමු දිනයේ වාසිය තවදුරටත් වර්ධනය කර ගැනීමට සත්කාරකයන් සමත් විය. ජැමෙයිකාවේ ෆ්ලොරන්ස් හි, ට්‍රෙලෝනි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අවසන් වන විට කොදෙව් ‘ඒ’ ලකුණු පුවරුව සටහන් වුණේ 364/8 ක් ලෙසින්.

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පළමු ඉනිම – 364/8 (120) – සුනිල් අම්බ්‍රිස් – 106, විශාල් සිං – 81, ජෝන් කැම්බල් – 56, රකීම් කෝන්වෝල් – 36, මාලින්ද පුෂ්පකුමාර – 3/104, චාමික කරුණාරත්න – 2/61, අසිත ප්‍රනාන්දු – 1/37, ෂෙහාන් ජයසූරිය – 1/43


මලල ක්‍රීඩා –

හෙන්ඩර්සන් දෙවැනි රන් පදක්කම දිනා ගනී

33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග දෙවන දිනටත් ඊයේ (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

තරගාවලියේ පළමු දිනයේ දී ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එදින පැවැත්වීමට නියමිතව තිබූ ඉසව් රැසක් ඊයේ දිනයට කල් දැමුණු අතර ඒ අනුව ඊයේ දිනයේ තරග ඉසව් නියමිත වේලාවට පෙර ආරම්භ කරන්නට සංවිධායකයින් කටයුතු කළේය. එමෙන්ම ඊයේ දිනයේ දී තරග ඉසව් රැසක අවසන් තරග ද පැවැත්වීමට නියමිතව තිබූ අතර දිනය ආරම්භයේ ඉතා පැහැබර කාළගුණ තත්වයක් දිස්විය.

සම්පූර්ණ වාර්තාව: හෙන්ඩර්සන් සිය දෙවැනි රන් පදක්කමත් ලබා ගනී

දිනයක අවසානය