ගෙවුණු දවස නොවැම්බර් 28 – දඟපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා සංචිතයට

132

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරයි

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා කුසලාන (Challenger Trophy) එක්දින තරගාවලියේ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා ඉන්දීය රෙඩ් කණ්ඩායම අතර මුම්බායි නුවර පැවැත්වූ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (28) සමත් විය.  

ඉන්දීය රෙඩ් කණ්ඩායම – 226/10 (46.3): ප්‍රතිව් ෂෝ 63, කමලේශ් නාගර්කොටී 51, රියාන් පැරග් 50, හරීන් බුද්ධිල 4/30,  අයන සිරිවර්ධන 4/34.

ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම – 231/6 (48.4): සන්තුෂ් ගුණතිලක  80, නිපුන් දනංජය 43, ධනංජය ලක්ශාන් 38, නුවනිඳු ප්‍රනාන්දු 34*, කමලේශ් නාගර්කොටී  2/44.

මීළඟ තරගය 30 වැනි දා ඉන්දීය බ්ලු කණ්ඩායම සමඟින් පැවැත්වෙන අතර මෙහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වෙනු ඇත.

සම්පූර්ණ වාර්තාව: සන්තුෂ්ගේ පිතිකරණයෙන් ඉන්දීය සිහින බිඳ වැටේ


නව මුහුණක් සංචිතයට

Jeffrey Vandersayදකුණතින් පා දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ දිල්ලි හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා තෙවන හා අවසන් ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා  ටෙස්ට් සංචිතයට කැඳවනු ඇතැයි ThePapare.com වෙත වාර්තා වේ.

ඊයේ (27) නාග්පූර් හිදී නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ ඉනිමකින් හා ලකුණු 239කින් පරාජයට පත් වීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණිය සවිමත් කිරීමේ අරමුණ ඇතිවයි.

සම්පූර්ණ වාර්තාව: ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාවක්

දිනයක අවසානය