ගෙවුණු දවස නොවැම්බර් 24 – රීසාගේ දස්කම් මැද ජය හැව්ලොක්ට

159

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

   රග්බි   

හැව්ලොක්ට CH ගෙන් ප්‍රබල අභියෝගයක්

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් CH & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයත් ඊයේ (24) කොළඹ තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 31-26ක් ලෙසින් තරගය ජය ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයන් සමත් විය.

පළමු අර්ධය: CH & FC 07 – 18  හැව්ලොක් ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය: CH & FC 26 (4T,3C) – 31 (4T,2C,4P) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: දුෂ්මන්ත ප්‍රියදර්ශන (හැව්ලොක්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

CH & FC – සසංක ආරියරත්න 2T, යෝෂිත රාජපක්ෂ 1T, සජිත් සාරංග 1T, සැමුවෙල් මදුවන්ත 3C

හැව්ලොක් ක්‍රීඩා සමාජය – කෙවින් ඩික්සන් 1T, දුලාජ් පෙරේරා 2T, රීසා මුබාරක් 2C 4P

සම්පූර්ණ වාර්තාව: රීසා CH සිහින බොඳ කරයි


   ක්‍රිකට්   

දිමුත් සහ චන්දිමාල්ගෙන් අර්ධ ශතක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර නාග්පූර් හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (24) නිමා වන විට සත්කාරක ඉන්දීය ක්‍රීඩකයෝ පළමු ඉනිම ක්‍රීඩා කරමින් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටියහ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 205ක් පමණි.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂණ දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56

ඉන්දියාව; පළමු ඉනිම කඩුල්ලක් දැවී 11 (8.0): ලෝකේෂ් රාහුල් 7

සම්පූර්ණ වාර්තාව: දිමුත් සහ චන්දිමාල් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ජාමෙ බේරා ගනී


 මලල ක්‍රීඩා

දක්ෂතම ක්‍රීඩකයා දිනේෂ් ප්‍රියන්ත

Army Para games 2017ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් 20 වැනි වරටත් සංවිධානය කරන ලද “2017 යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය” ඊයේ (24) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය. එහි දී තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සමත් වූ අතර අනුශූරතාව ගජබා රෙජිමේන්තුව විසින් දිනා ගන්නා ලදි.

වසරේ මලල ක්‍රීඩකයා ලෙස, 2017 ලන්ඩන් පැරා ලෝක ශූරතාවලියේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම් ලාභී  ගැමුණු රෙජිමේන්තුවේ සැරයන්  H. M. දිනේෂ් ප්‍රියන්ත හේරත් සම්මාන දිනා ගන්නා ලදි. 2017 පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 61.61ක දුරක් හෙල්ල විසි කරමින් නව තරගාවලි වාර්තාවක් සමඟින් හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් විය.

සම්පූර්ණ වාර්තාව: ශූරතාවය පාබල හමුදාවට

දිනයක අවසානය