ගෙවුණු දවස නොවැම්බර් 17 – දසුන්ගෙන් දස්කම්

229

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –

තරගයේ වීරයා ලී කීගල්

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් ඊයේ (17) CR & FC ක්‍රීඩා සමාජයත්, CH & FC ක්‍රීඩා සමාජයත් තුරඟ තරග පිටියට පිවිසි අතර එහි දී ලකුණු 19-12ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගැනීමට CH & FC ක්‍රීඩකයන් සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය: CH & FC කණ්ඩායම 16 (2T, 3P) – 12 (2T, 1C) CR & FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා: ලී කීගල් (CH & FC)

සම්පූර්ණ වාර්තාව: CR & FC ආධිපත්‍ය, CH & FC හමුවේ බිඳ වැටේ


ක්‍රිකට්

දෙවැනි දිනයත් වර්ෂාවට හසුවේ

තණතිල්ලේ ස්වභාවය අනුව අවසන් මොහොතේ කණ්ඩායමට නම් කළ දසුන් ශානකගේ සුවිශේෂී පන්දු යැවීම නිසා ඊයේ (17) දිවා විවේකය වන විට තවත් කඩුලු දෙකක් දඩයම් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඒ අනුව තරග 3කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයේ දී මේ වන විට කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටින්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඉන්දියාව – කඩුලු 5ක් බිඳ වැටී ලකුණු 74 (පන්දුවාර 32.5): චෙටෙස්වර් පුජාරා 47*, ශිකර් ධවාන් 8, ව්‍රිදිමන් සහා 6*, සුරංග ලක්මාල් 3/5, දසුන් ශානක 2/23.

සම්පූර්ණ වාර්තාව: දසුන් ශානක නිසා ශ්‍රී ලංකාවට අමතර වාසියක්!


විස්සයි විස්ස අවසන් සටනට යුනිචෙලා සහ ඩිමෝ

MAS යුනිචෙලා කණ්ඩායමේ ප්‍රවේගවත් වමත් පිතිකරු දමිත රඹුක්වැල්ලගේ ගිනි කෙළියකටත් එහා ගිය පිතිකරණය හේතුවෙන් MAS යුනිචෙලා කණ්ඩායමත්, තම සුවිශේෂී දක්ෂතා එක මිටට ගනිමින් ප්‍රතිවාදීන් තරග නරඹන්නන් බවට පත් කළ තික්ෂිල ද සිල්වා හේතුවෙන් ඩිමෝ ලංකා කණ්ඩායමත් වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 8ක් දැවී 207 (20.0): ටී. එම්. සම්පත් 18, රමිත රඹුක්වැල්ල 105, මහේල උඩවත්ත 36, නුවන් ප්‍රදීප් 2/38, ධම්මික ප්‍රසාද් 2/44, කසුන් මධුශංක 2/48

ටීජේ ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 156 (18.4): මිනෝද් භානුක 23, ශාලික කරුණානායක 26, චරිත් අසලංක 40, ටී.එම්. ඩිල්ශාන් 2/17, ඉෂාර අමරසිංහ 2/36, ෆර්වීස් මහරූෆ් 3/17, අනුක් ප්‍රනාන්දු 3/37

එල්. බී.  ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 170 (20.0): ලහිරු උදාර 22, ලක්ෂාන් රොද්‍රිගෝ 44, ඇන්ජලෝ පෙරේරා 24, සහන් ආරච්චිගේ නොදැවී 29, නිසල තාරක 31/2, මතීෂ පෙරේරා 18/2, ඉෂාර පෙරේරා 18/2

ඩිමෝ ලංකා කණ්ඩායම; කඩුලු 4ක් දැවී 173 (18.2): තික්ෂිල ද සිල්වා 71, සම්මු අශාන් නොදැවී 22, රමේෂ් මෙන්ඩිස් නොදැවී 33, සහන් ආරච්චිගේ 2/41, චරිත් සුදාරක 2/19

සම්පූර්ණ වාර්තාව: MAS යුනිචෙලා සහ ඩිමෝ අවසන් මහා සටනට


නාලන්ද පරදා මැසනොඩ් ජය ගනී

ද මැසනොඩ් විද්‍යාලයට එදිරිව නාලන්ද විද්‍යාලයත්, සහිරා විද්‍යාලයට එදිරිව සාන්ත ඇලෝසියස් විද්‍යාලයත් ඊයේ (17) සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ තරග කරන ලදි.ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 176/10 (47.5): පසිඳු රාජමුණින්ද 45, ක්‍රිශාන් සංජුල 39, සාලිය ජූඩ් 30, චමිඳු විජේසිංහ 4/30, රවීන් ද සිල්වා 4/50.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 136/10 (41.1): සචිත ගුණතිලක 38, රනිඳු ද සිල්වා 22,  මිතිල ගීත් 5/35, ප්‍රවීන් ජූඩ් 2/00, රොමාල් ප්‍රනාන්දු 2/31.

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 162/10 (53.1): සාලිය ජූඩ් 42, නිම්න ප්‍රනාන්දු 27, ක්‍රිශාන් සංජුල 25, කවීත් මදුරප්පෙරුම 5/40, රවීන් ද සිල්වා 2/32.

නාලන්ද විද්‍යාලය දෙවන ඉනිම – 133/7 (44): දිහාර පොල්ගම්පල 25, චමිඳු විජේසිංහ 25, රවීන් ද සිල්වා 22*, රොමාල් ප්‍රනාන්දු 4/29, ප්‍රවීන් ජූඩ් 2/52.

සම්පූර්ණ වාර්තාව: ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

දිනයක අවසානය