ගෙවුණු දවස නොවැම්බර් 13 – ශ්‍රී ලංකාව වැට උඩ

250

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

අවසන් පූර්ව වටයට යෑම අවිනිශ්චිතයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගි වූ අවසන් තරගය ඊයේ (13) කින්රාරා ඇකඩමි ඕවල් පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු යොවුන් කණ්ඩායම හැකි විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 9න් පහළ කණ්ඩායම – 141/10 (49.4): අශේන් බණ්ඩාර 49, කෙවින් කොත්තිගොඩ 20, මුනීර් රියාස් 3/30, මුහමඩ් මූසා 3/25.

පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 142/7 (32.1): රෙහායිල් නාසිර් 48, මොහොමඩ් ටහා 31, සාද් කාන් 22, ප්‍රවීන් ජයවික්‍රම 4/28.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව වැට උඩට ඇද දමමින් පාකිස්තානයට ජය


වේල්ස් කුමර විදුහලට විශිෂ්ට ජයක්

2017/18 සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් ඊයේ (13) පැවැත්විය. ඒ අතුරෙන් ඊයේ අවසන් වූ එක් තරගයකින් ඉනිමක හා ලකුණු 17ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට සමත් විය.

 

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 177 (48): විනුජ රන්පුල් 60, දෙවංක පීරිස් 51, සනෝජ් දර්ශික 20, අකලංක පෙතියගොඩ 3/27, සංජය රංජිත් 3/28.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – 75/10 (25.3): නිදුක ප්‍රනාන්දු 5/20, විනුජ රන්පුල් 2/24

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම (F/O)  – 85/10 (45.3): සුජිත් කුමාර 21, කෞමාල් නානායක්කාර 7/36, සවිඳු පීරිස් 3/16.

සම්පූර්ණ වාර්තාව: වේල්ස් කුමරුවන්ට අගනා ජයක්

දිනයක අවසානය

[/vc_column][/vc_row]