ගෙවුණු දවස නොවැම්බර් 10 – සිංහ පැටවුන්ගෙන් සුපිරි දස්කම්

253

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

   ක්‍රිකට්   

පළමු ජය ශ්‍රී ලංකාවට

U19 Asia Cup Sri Lanka Cricket v UAEමැලේසියාවේ දී ඊයේ (10) ඇරඹුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල්ම තරගයම විශිෂ්ට අයුරින් ජය ගැනීමට ශ්‍රී ලංකා සිංහ පැටවුන්ට ඊයේ අවස්ථාව උදාවිය. ඒ ප්‍රතිවාදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 7කින් පහසුවෙන්ම පරාජය කරමිනි. තරග ආරම්භයේ සිටම ශ්‍රී ලංකා යොවුන් පිළේ ආධිපත්‍යයට යටත් වූ මෙම තරගයේ වැඩි වශයෙන් කැපී පෙනුණේ වේග පන්දු යවන්නන් දැක්වූ සුවිශේෂී දක්ෂතායි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියල්ලන්ම දැවී ලකුණු 66 (පන්දුවාර 22): සයිඩ් හයිඩර් 16, රිතික් 11, බ්‍රෙන්ඩන් ඇඩම් 8, තිසරු රශ්මික 4/17, ජෙහාන් ඩැනියෙල් 3/14, ප්‍රවීන් ජයවික්‍රම 2/13.

ශ්‍රී ලංකාව – කඩුලු 3ක් දැවී ලකුණු 68 (පන්දුවාර 16): කමිඳු මෙන්ඩිස් 27*, ක්‍රිෂාන් ආරච්චිගේ 15, නිපුන් රංසික 11*, ෆයිසාල් කාන් 2/30.

සම්පූර්ණ වාර්තාව: සිංහ පැටවුන්ගේ පළමු අභියෝගය සුපිරි ජයග්‍රහණයකින් නිමාවෙයි


මැසිනොද් විදුහලට පළමු ඉනිමේ ජයක්

කවීන් බණ්ඩාරගේ ශතකයත් සමඟින් වර්ණවත් වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයේ (10) නිමාවට පත්විය. එහි දී මලියදේව විද්‍යාලයට එදිරිව පළමු ඉනිමේ ජයක් ලබා  ගැනීමට ද මැසනොඩ් විද්‍යාලය සමත් විය.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 102/10 (35.5): සංජීවන් ප්‍රියදර්ශන 43*, මුදිත ප්‍රේමදාස 22, රොමල් ප්‍රනාන්දු 5/22, සහින සිතුමිණ 3/22.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම  – 217/10 (51.3): සාලිය ජූඩ් 73, මිතිල ගීත් 53, ප්‍රවීන් ෆොන්සේකා 22, මිතුල් සෙනරත් 21, විශ්ව දිසානායක 5/61, දුලාජ් රණතුංග 4/58.

මලියදේව විද්‍යාලය දෙවන ඉනිම – 259/9 dec (73.3): කවීන් බණ්ඩාර 105*, මුදිත ප්‍රේමදාස 88, යොමාල් ප්‍රනාන්දු 3/69, සිහින සිතුමිණ 2/23.

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 58/1 (13):

සම්පූර්ණ වාර්තාව: ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්


   රග්බි   

හැව්ලොක් සහ යුද සෙබළුන්ට ජය

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ දෙවැනි සතියේ සමාරම්භ තරග ද්විත්වය ඊයේ තුරඟ තරග පිටියේ දී සහ හැව්ලොක් පිටියේ දී පැවැත්විය. එහි දී CH & FC ක්‍රීඩා සමාජය සහ යුධ හමුදාව අතර පැවති තරගයෙන් 20-15ක් ලෙස ජය ගන්නට යුද සෙබළුන් සමත් වූ අතර පැවති අනෙක් තරගයෙන් 46-23ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කළේය.

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න


  මලල ක්‍රීඩා  

ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සාර්ථකව නිමා වෙයි

ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා තරගාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (10) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව අවසන් විය. දින තුනක් පුරා පැවති තරග අවසානයේ සමස්ත බාලක ශූරතාව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය දිනා ගත් අතර සමස්ත බාලිකා ශූරතාව නාවල ජනාධිපති විදුහල් ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: බාලක බාලිකා ශූරතා පිළිවෙළින් සාන්ත ජෝසප් සහ ජනාධිපති බාලිකාවන්ට

දිනයක අවසානය