ගෙවුණු දවස දෙසැම්බර් 04 – සුපිරි එක්දින සංචිතයක් සූදානම්

289

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

අසේල සහ ධනුෂ්ක එක්දින සංචිතයට

ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම අද (04) නිල වශයෙන් නිකුත් විය.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතු සංචිතය සඳහා නායකත්වය සපයන්නේ තිසර පෙරේරා විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර තුල දැනට සහභාගි වී ඇති එක්දින තරග අතුරෙන් තරග 4ක් පමණක් ජයග්‍රහණය කර ඇත්තේ තරග 21ක් පරාජය වෙමිනි. ඊට අමතරව එහි ඇති භයානකම සිදුවීම වන්නේ ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ එක්දින තරග 12ම පරාජයට පත්වී තිබීමයි.

සම්පූර්ණ සංචිතය: අසේල, ධනුෂ්ක ඇතුළු එක්දින විශේෂඥයින් 9ක් සංචිතයට


චන්දි සහ ඇන්ජි ශ්‍රී ලංකාව බේරා ගනී?

ඉන්දීය කණ්ඩායමේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ සියලු ගෞරව තමන් සන්තකයේ තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (04දා) සමත් වූහ.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නව නායක දිනේෂ් චන්දිමාල් එක්ව ඉන්දීය දඩබිම වනසා දමමින් යම් තරමකින් තරගය පාලන කරද්දී, ඉන්දීය නායක විරාත් කෝලිට සිදු වූයේ පසෙකට වී නියපොතු සපමින් තරග නරඹන්නෙක් බවට පත් වීමටය.

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 7ක් දැවී ඉනිම අත්හිටවූවා 536 (127.5) මුරලි විජේ 155,ශිකර් ධවාන් 23, චෙටෙස්වර් පුජාරා 23, විරාත් කෝලි 243, රෝහිට් ෂර්මා 65,  ලක්ෂාන් සඳකැන් 4/167, ලහිරු ගමගේ 2/95

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 356 (130.0): (දෙවැනි දින තරගය නතර කරන විට පන්දු වාර 44.3ක දී කඩුලු 3ක් දැවී 131; දිල්රුවන් පෙරේරා 42, , ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 57, දිනේෂ් චන්දිමාල් නොදැවී 25) ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 111, දිනේෂ් චන්දිමාල් නොදැවී 147, සධීර සමරවික්‍රම 33, මොහොමඩ් සමී 2/74, ඉෂාන්ට් ෂර්මා 3/93, රවින්ද්‍ර ජඩේජා 2/85, රවිචන්ද්‍රන් අශ්වින් 3/90

සම්පූර්ණ වාර්තාව:චන්දිමාල් සහ මැතිව්ස් කෝලිගේ දඩයම පමා කරයි


ආරම්භයේ දී ම ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

Sri Lanka V India 3rd Test Day 1

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයේ නිමා වූ පළමු දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දණ ගස්වමින්  ඉන්දීය ක්‍රිකට් දඩයක්කරුවෝ කඩුලු 4ක් දැවී ලකුණු 371ක් ලබා ගත්තේ එකී නියතය නැවත නැවතත් පසක් කරමිනි.

ඊයේ (02) තරගයේ දී කෝලි තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5000 ලකුණු සීමාව පසු කළේ එවැන්නක් අඩුම තරග සංඛ්‍යාවකින් කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා වෙමිනි. කෝලි මේ සහභාගී වෙන්නේ තම 105 වැනි තරගයට ය. දිනය නිමා වන විට කෝලි පන්දු 186කට මුහුණ දී හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 156ක් ලබා සිටියි.

සම්පූර්ණ වාර්තාව: ඉන්දීය ක්‍රිකට් දඩබිමේ ශ්‍රී ලාංකිකයෝ නැවතත් අසරණ වේ


    රග්බි    

හේනකන්කානම්ගේ නායකත්වයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (4) මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයේ නායකත්වය සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ හට ලැබී ඇත.

මෙම රග්බි තරගාවලියේ පළමු අදියර මේ සති අන්තයේ කොළඹ දී පැවැත්වෙන අතර මෙහි දෙවන අදියර හොංකොං හිදී පැවැත්වෙනු ඇත.

30 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන අවීශ ප්‍රියංකර, හරිත් බණ්ඩාර හා නවීන් හේනකන්කානම්ගේ වැනි දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙන‍ෙක් ඇතුළත් කර ඇත. තවද නිමා වූ පාසල් රග්බි ලීගයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ද ඇතුළත් කර ඇත.

සම්පූර්ණ සංචිතය: 19න් පහළ සංචිතයට සාන්ත ජෝසප් විද්‍යාලයෙන් පස් දෙනෙක්


දිනයක අවසානය