කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

මිලින්ද නොදැවී 137යි

තම ක්‍රීඩා දිවියේ හොඳම කාල සීමාව පසු කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ආබාධයකට ගොදුරු වූ ධම්මික ප්‍රසාද් ඊයේ (16) සැරසන්ස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් ප්‍රකට කිරීමට සමත් විය.

ඒ අනුව ඉදිරි තරගවල දී ද මේ අයුරින් දක්ෂතා අතරට පැමිණියහොත් අපට නැවතත් ධම්මිකව ජාත්‍යන්තර තරග තුල දැකිය හැකිවනු ඇත. මීට අමතරව ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A මට්ටමේ තවත් තරග 5ක් නිසා ඊයේ දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් විය.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 444 (පන්දුවාර 94) ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන 137*, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42, කවිඳු කුලසේකර 39*, චතුර රන්දුනු 1/71.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 192 (පන්දුවාර 47) හර්ෂ කුරේ 53*, ඇන්ඩි සොලමන්ස් 27, මින්හාජ් ජලීල් 25, සචිත්‍ර පෙරේරා 24*, ධම්මික ප්‍රසාද් 3/58, විමුක්ති පෙරේරා 2/28

සම්පූර්ණ වාර්තාව: ධම්මික ප්‍රසාද් නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට කොළ එළි දල්වයි!


ලසිත් කෲස්පුල්ලේ අර්ධ ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ “B” කොටසේ තරග කිහිපයක් ඊයේ (16) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 223/10 (74): අමිල වීරසිංහ 70, ප්‍රමිත් ප්‍රනාන්දු 51, ලසිත් කෘෘස්පුල්ලේ 20, රජීව වීරසිංහ 5/43, නවීන් කවිකාර 4/55.

ලංකන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම  – 136/10 (52.1): චානක රුවන්සිරි 37, ශසින් ප්‍රනාන්දු 24, තුශිර මදනායක 24, නවීන් කවිකාර 21, ශෙහාන් වීරසිංහ 3/33, චනුර ප්‍රනාන්දු 3/41, උමංග චතුරංග 3/50.

මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 156/5 (48): ලසිත් කෘෘස්පුල්ලේ 63, අකීල් ඉන්හාම් 33*, ශෙහාන් වීරසිංහ 32*.

සම්පූර්ණ වාර්තාව: කුසල්ගෙන් ශතකයක්


    රග්බි    

ප්‍රබල හොංකොං හමුවේ ශ්‍රී ලංකාව නැවතත් පරාදයි

පළමු අර්ධය තුළ දැක්වූ ප්‍රබල ප්‍රතිරෝධය මගින් මෙරට ක්‍රීඩාලෝලීන් තුළ බලාපොරොත්තු දල්වන්නට සමත් වුවත්, සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ තවත් දැවැන්ත පරාජයක අත්දැකීම විඳ ගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායමට සිදු වුනේ ලෝක ශූරතා කනිෂ්ඨ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන අදියරේ දී යි.

පළමු අර්ධය : හොංකොං 14 – ශ්‍රී ලංකාව 07

තරග ප්‍රතිඵලය : හොංකොං 40 (P6, C5) – ශ්‍රී ලංකාව 07 (P1,C1)

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවේ ලෝක ශූරතා සිහිනයට හොංකොං හරස් වෙයි


මහනුවර අපරාජිතව ප්‍රථම වටය නිමා කරයි

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර ඊයේ (02) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්, හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 09-20ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 06 – 03 මහනුවර ක්‍රීඩා සමාජය

සම්පූර්ණ කාලය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 09 (3P) – 20 (3T 1C 1P) මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ෂෙහාන් පතිරණ (මහනුවර ක්‍රීඩා සමාජය)

සම්පූර්ණ වාර්තාව: හැව්ලොක් අභියෝගයට මහනුවරින් ප්‍රබල පිළිතුරක්


 වොලිබෝල් 

වොලිබෝල් කිරුළු විදුලිබලයට සහ ගුවනට

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත් එක්ව 31 වැනි වතාවටත් සංවිධානය කරන ලද “තරුණසේවා රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ ”සුපර් ලීග් අංශයේ පිරිමි අවසන් තරගය ඊයේ (16) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

එහි දී යුද හමුදාව සහ විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජ අතර පැවති තරගයෙන් විදුලිබල මණ්ඩල කණ්ඩායම පිරිමි ශූරතාවය ජයග්‍රහණය කළ අතර කාන්තා ශූරතාවය දිනා ගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි. ඒ නාවික හමුදා කණ්ඩායම පරාජය කරමිනි.

සම්පූර්ණ වාර්තාව සඳහා පිවිසෙන්න

දිනයක අවසානය