ගෙවුණු දවස දෙසැම්බර් 12 – ක්‍රිකට් ලේකම් ධුරයත් අලුත් වන ලකුණු!

101

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

මොහාන් ද සිල්වා මහතාගේ තනතුරු වෙනස් වේ

2017 දෙසැම්බර් 6 වනදා සිට මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස ඒකමතිකව පත් කර ඇත. මේ අතර මෙතෙක් දේශීය ක්‍රිකට් ප්‍රධානී වශයෙන් කටයුතු කරමින් සහ ජාත්‍යන්තර ක්‍රිකට්වල වැඩ බලන ප්‍රධානී වශයෙන් කටයුතු කළ උප සභාපති කේ. මතිවානන් මහතාව ඉදිරියේ දී පූර්ණ වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට නියමිතයි.

.සම්පූර්ණ වාර්තාව: මොහාන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති පුටුවට


යෙසිත් සහ නිමුතුගෙන් ද්විත්ව ශතක දෙකක්

වයස අවුරුදු 13න් පහළ වෙළඳ සංගම් ආරාධිත අන්තර් ඇකඩමි ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) පැවැත්වූ ක්‍රිකට් තරගයක දී දැවැන්ත ශතක දෙකක් වාර්තා කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමියේ යෙසිත් කළුපහන හා නිමුතු ගුණවර්ධන සමත් විය.

මාලඹේ හොරයිසන් විශ්වවිද්‍යාල පිටියේ දී කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමිය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එම ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමියේ ආරම්භක පිතිකරුවන් යුගලය වන යෙසිත් කළුපහන හා නිමුතු ගුණවර්ධන කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ඇකඩමියේ පන්දු යවන්නන් හට දැඩි ප්‍රහාරයක් දියත් කරමින් පන්දුවාර 30ක් වැනි සුළු පන්දුවාර ප්‍රමාණයක් තුල ලකුණු 538ක් රැස්කිරීමට සමත් වූයේ 17.93ක් වැනි ලකුණු ප්‍රමාණයක් එක පන්දු වාරයකට රඳවා ගනිමිනි.  

කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමිය – 538/0 (30): යෙසිත් කළුපහන 287*, නිමුතු ගුණවර්ධන 226*.

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ඇකඩමිය – 91/10 (18.2): කෙවින් ගලගේපිටිය 26, මෙතිල් රුවන්පුර 24, විහාෂ් කරන්වදූවගේ  4/10, ප්‍රවීන් විලියම්ස් 3/15.

සම්පූර්ණ වාර්තාව: යෙසිත් හා නිමුතුගෙන් ඇදහිය නොහැකි පිතිකරණයක්

දිනයක අවසානය