ගෙවුනු දවස පෙබරවාරි 1 – කොදෙව්වන්ට පරාජය

411
Sri Lanka Sports News last day summary 1st February

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

චරණගේ සහයෙන් තර්ස්ටන්ට ජය

Sri Lanka Sports News last day summary 1st February pic 1(10)තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක හා ලකුණු 62ක ජයග්‍රහණයක් හිමිවෙමින් සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයෙන් (1) අවසන් විය. එහිදී චරණ නානායක්කාරගේ තුන් ඉරියව් දස්කම් තර්ස්ටන් විද්‍යාලයට තම ජයග්‍රහණය සඳහා විශාල සවියක් වූ බව සඳහන් කල යුතුවේ.

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 34.1): අංජන රුක්මාල් 19, චරණ නානායක්කාර 6/27, අයේෂ් හර්ෂණ 3/13

කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම –  කඩුලු 8ක් දැවී ලකුණු 253 dec (පන්දුවාර 62): චරණ නානායක්කාර 67, ඉමේෂ් විරංග 54, නවෝද් සමරකෝන් 50, සවන ප්‍රභාශ් 39, දනංජය පෙරේරා 5/72

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී 109 (පන්දුවාර 48.4): දනංජය පෙරේරා 67, නවීන් ගුණවර්ධන 4/20, සවන ප්‍රභාශ් 2/02

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 68.2): ඩේමියන් බයිසර් 59, මලින්ත පීරිස් 45, රොශාන් ප්‍රනාන්දු 36, ටශික පෙරේරා 28, නිමේෂ් බණ්ඩාර 24, මහේෂ් තීක්ෂණ 5/61, කවීශ ජයතිලක 4/68

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු  98 (පන්දුවාර 47): කවීෂ ජයතිලක 33*, මහේෂ් තීක්ෂණ 25, ටශික පෙරේරා 4/44, විනුජ රණසිංහ 2/18, අශේර් වර්ණකුලසූරිය 2/24

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන ඉණිම (f/o)  – කඩුලු 6ක් දැවී ලකුණු 212 (පන්දුවාර 75): මලීශ සෙනෙවිරත්න 62, ශෙහාන් ප්‍රනාන්දු 34*, දිනිත බස්නායක 32, කවීෂ ජයතිලක 24*, විමුක්ති ද මෙල් 2/30

සවිස්තර තරග වාර්තාව: තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක ජයක්


සුපුරුදු රිද්මය කොදෙව්වන් හමුවේත්

Blind Cricket Round upඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් දෘශ්‍යාබාධිත කණ්ඩායම සමඟින් ඊයේ (01) දිල්ලි හි අයි.අයි.ටී. පිටියේදී පැවැත්විණි. මෙම තරගයෙන් ලකුණු 130ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 281 (පන්දුවාර 20): සුරංග සම්පත් 116*, චන්දන දේශප්‍රිය 108*, රුවන් වසන්ත 16, ජෝජි ස්ටුවර්ට් 1/31

බටහිර ඉන්දීය කොදෙව් දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 151 (පන්දුවාර 20): ලෙරී පිලිප්ස් 44, කෙවින් ඩග්ලස් 20, දිනේෂ් හේරත් 2/20, උපුල් සංජීව 1/22


ඕස්ට්‍රේලියානු 20-20 සංචිතය

Australia T-20 squadශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වන ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විට නම් කර තිබේ. එහිදී ඕස්ට්‍රේලියාව සතු නමගිය ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු වෙනුවට බිග් බෑෂ් ලීග් (BBL) වැනි ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් තරගාවලි වලදී සුපිරි දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් පිලිබඳ වැඩි විශ්වාසය තබා ඇති බව පෙනී යයි.

සම්පූර්ණ සංචිතය: ශ්‍රී ලංකාවට සමඟින් තරග කරන ඕස්ට්‍රේලියානු T20 සංචිතය නම් කෙරේ


යෞවනයෝ එක්දින තරගය පරාජය වෙති

SL U19 vs SA U19දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම් එක්කාසු කොට ගනිමින් පැවැත්වුනු තරග 10කින් සමන්විත තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඊයේ (01) එතරම් වාසනාවන්ත දිනයක් නොවීය. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රථම තරගයට සහභාගි වූ ඔවුන්ට එහිදී කඩුලු 7ක පරාජයක් අත්විඳින්නට සිදුවූ බැවිනි.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 49): ක්‍රිෂාන් සංජුල 53, විශ්ව චතුරංග 37, අවිශ්ක ප්‍රනාන්දු 26, ජෙහාන් ඩැනියෙල් 23, ලුතෝ සිපම්ලා 2/30, ඇලෙක්ස් කොහෙන් 2/37.

දකුණු අප්‍රිකා යොවුන් පිළ – කඩුලු 3ක් දැවී ලකුණු 215 (පන්දුවාර 48): මිචෙල් වෑන් බූරන් 92*, රේනාඩ් වෑන් ටොන්ඩර් 89*, වැන්ඩිල් මක්වෙටු 20, ප්‍රවීන් ජයවික්‍රම 2/52, නිපුන් රංසික 1/31.

සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා යොවුන් පිළට ප්‍රථම එක්දින තරගයේ ඉලක්කය වරදියි


දෙවැනි එක්දින ජයත් කොදවේවන්ට

Sri Lanka v South Africa 2nd ODIශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණයත් සත්කාරක දකුණු අප්‍රිකානුවන් සතු වූයේ ලකුණු 121ක් වැනි දැවැන්ත පරතරයකිනි. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය.

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ලකුණු 307 (පන්දුවාර 50): ඩේවිඩ් මිලර් 117*, ෆැෆ් ඩු ප්ලෙසිස් 105, ක්‍රිස් මොරිස් 26, සුරංග ලක්මාල් 2/54, සචිත් පතිරණ 1/19.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 37.5): දිනේෂ් චන්දිමාල් 36, උපුල් තරංග 26, සචිත්‍ පතිරණ 26, නිරෝෂන් දික්වැල්ල 25, ඉම්රාන් තහීර් 2/26, ජේ. පී. ඩුමිනි 2/30, වේන් පාර්නෙල් 2/34.

සවිස්තර තරග වාර්තාව: මිලර්ගෙන් සහ ප්ලෙසිස්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ප්‍රහාරයක්

දිනයක අවසානය