ගෙවුණු දවස මැයි 18 – ක්‍රිකට් අවසන් තරග කල්යයි

297

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –

කිංග්ස්වුඩ් පරාජය කරමින් ජය සාන්ත පීතර විදුහලට

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන වටයේ තරගයක් ඊයේ (18) කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වූයේ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී ය. එම තරගයෙන් ලකුණු 20–10ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට සාන්ත පීතර  විද්‍යාලය සමත් විය.

වැසිබර කාලගුණයක් මධ්‍යයේ දෙපිලේම ක්‍රීඩකයින් පිටියට අවතීර්ණ වූ අතර කිංග්ස්වුඩ් පා පහරින් තරගය ආරම්භ විය.

සම්පූර්ණ වාර්තාව: හිරුෂගේ උත්සාහය අපතේ යවමින් ජය බම්බලපිටියට


ක්‍රිකට්

අවසන් තරග දින නියමයකින් තොරව කල්යයි

පවතින අයහපත් කාලගුණික තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දින නියමයකින් තොරව කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (18) තීරණය කර ඇත.

ගාල්ල හා කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙන එම තීරණාත්මක අවසන් මහා තරගය ලබන 20 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ (17) දිනයේ දී ක්‍රියාත්මක වුවත් එම තරග දෙකම සාර්ථක ලෙස අවසන් කර ගැනීමට නොහැකි වූයේ වර්ෂාවෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසාවෙනි.

සම්පූර්ණ වාර්තාව: සුපිරි පළාත් අවසන් මහා තරගය කල් යයි

දිනයක නිමාව