ගෙවුණු දවස පෙබරවාරි 17 – මහනුවරින් ගුවනට දරුණු ප්‍රහාරයක්

238

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

මිතුරන්ගේ සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

මෙරට පාසල් ක්‍රිකට් පිටියට බිග් මැච් වසන්තය කැන්ඳමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර ප්‍රථම වරට පැවති මිතුරන්ගේ  වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (17) කදිරාන ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව නිමා විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දුන් ක්‍රිස්තුරාජ විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 98ක් පමණි. මෙම ඉනිමේ දී උදාන් කොළඹගමගේ (22) සහ ලහිරු සිල්වා (20) ලකුණු අතරට පිවිසි අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට හෝ නොහැකි විය.

ක්‍රිස්තුරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (37.4) උදාන් කොළඹගමගේ 22, ලහිරු සිල්වා 20, සයුරු ජයකොඩි 4/13, කවිශ්ක සපරමාදු 2/09

ලොයෙලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (56.3) ෂෙනාල් චාරුක නොදැවී 77, සයුරු ජයකොඩි 24, ලහිරු සිල්වා 2/30, පසිඳු මලිත් 4/35, මාලින්ද පෙරේරා 3/37

ක්‍රිස්තුරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 239 (55.0) ලහිරු සිල්වා  45, උදාන් කොළඹගමගේ 53, ජූඩ් රොෂාන් 60, ලහිරු පීරස් 38, සයුරු ජයකොඩි 2/47, චරිතාංග ලක්ෂාන් 3/73

ලොයෙලා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 101 (36.0) ෂෙනාල් චාරුක38, සයුරු ජයකොඩි නොදැවී 17, මලින්ද පීරිස් 2/22, නිසල් මාලිංග2/31

සම්පූර්ණ වාර්තාව: මිතුරන්ගේ මංගල මහා තරගය ජය පැරදුමෙන් තොරව නිමා වේ


රාජකීය – වෙස්ලි සටනේ ජය රාජකීය විද්‍යාලයට

Schools U19 Cricket 17th February roundupරාජකීය – වෙස්ලි ක්‍රිකට් සටනේ ජයග්‍රහණය හිමි කර ගැනීමට රාජකීය විද්‍යාලය ඊයේ (17) සමත් විය. රාජකීය විද්‍යාලය ලකුණු 151කින් වෙස්ලි විද්‍යාලය පරාජය කරන විට සාන්ත පීතර විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නා ලදි. මීට අමතරව සාන්ත ජෝසප් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය හා  ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගැනීමට ඊයේ සමත් විය.

රාජකීය විද්‍යාලය – 150 (38.5): කමිල් මිශාර 35, භාග්‍ය දිසානායක 29, මොවින් සුබසිංහ 5/48, ෂෙනාල් දංගල්ල 3/57.

වෙස්ලි විද්‍යාලය – 104 (40.3): ෂෙනාල් දංගල්ල 34, තෙමාල් බණ්ඩාර 4/18, ලහිරු මදුසංක 3/24.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 231/6 d (52.4): කමිල් මිශාර 80, පසිඳු සූරියබණ්ඩාර 69, තෙවිඳු සේනාරත්න 41, මොහොමඩ් උබයදුල්ලා 3/65, මොවින් සුබසිංහ 3/67.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම – 146 (44): ජනිත් නුවන්ත 26, ගයාන් ශානක 5/44, තෙමාල් බණ්ඩාර 3/35.

සම්පූර්ණ වාර්තාව: 125 වසරක් ඉපැරණි ශූරතාවය රාජකීයයන්ට


රග්බි –

මහනුවර, හැව්ලොක් සහ CR අවසන් පූර්ව වටයට

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග 3ක් ඊයේ පැවති අතර මහනුවර ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති එක් තරගයකින් ලකුණු 53-14ක් වශයෙන් තරගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ පොලිස් පාක් රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති තවත් තරගයකින් ලකුණු 41-20ක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කළේය.

අවසන් තරගය CR & FC කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති අතර ලකුණු 46-29ක් ලෙස ජයග්‍රහණය කළ CR & FC කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තා සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට

දිනයක නිමාව