ගෙවුණු දවස ජූලි 16 – චන්දි, හතුරු, ගුරුට තරග 6ක් තහනම්

139

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

විනය කැඩුවයි කියා දඬුවම් නියම කරයි

ස්වාධීන අධිකරණ නිලධාරි ගරු මයිකල් බෙලොෆ් මහතා ඊයේ (16) ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහ හට තරග තහනම් ලකුණු (eight suspension points) අටක් නියම කළ අතර ඒ අනුව මේ තිදෙනාට දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරග දෙක හා පළමු එක්දින තරග හතර අහිමි වනු ඇත.

ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා විසින් ජුනි 19 වැනිදා ශ්‍රී ලංකා පුහුණුකරු, නායක හා කළමනාකරු යන තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කළ අතර ඔවුන් තිදෙනා තුන් වෙනි මට්ටමේ, 2.3.1 කොටසේ, “ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම” පිළිබඳ කොටස කඩ කළ බවට වරද පිළිගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: හතුරුසිංහට, චන්දිමාල්ට හා ගුරුසිංහට තරග හයක් තහනම්

දිමුත්ට උසස් වීමක්

New ICC Test Playerජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (15) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත් වී ඇත.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පසුගිය සෙනසුරාදා (14) ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක්වූ දස්කම් නිසා දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 740ක් දිනා ගනිමිනි. එය ඔහුගේ පුද්ගලික ක්‍රිකට් දිවිය තුල මෙතෙක් ලබාගත් ඉහළතම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයයි.

සම්පූර්ණ වාර්තාව: දකුණු අප්‍රිකානුවන්ට වැඩ පෙන්වූ දිමුත්ට උසස්වීමක්

දෘශ්‍යාබාධිත විරුවෝ ඉන්දියාව පරාජය කරති

ඊයේ (15) ආරම්භ වූ ඉන්දු – ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය ඊයේ (16) කොළඹ BRC පිටියේ දී පැවති අතර එම තරගය ද කඩුලු 7කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට සමත් විය.

දිනය ආරම්භයේම පිටියේ අවට තණතිල්ල තෙත බරිතව තිබීම නිසා තරගයේ ආරම්භය පැය කිහිපයකින් පමණ ප්‍රමාද විය. ඒ නිසා තරග විනිසුරුවරුන් එක් ඉනිමක් පන්දුවාර 20කට සීමා කළේය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයේ දී මෙන්ම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායම ආරාධනා කළේ සිය පිතිකරණයේ ජවසම්පන්න බව හඳුනන නිසාවෙනි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව ලෝක ශූර ඉන්දියාව පරාජය කරයි

දිනයක අවසානය