ගෙවුණු දවස මාර්තු 15 – වේල්ස් කුමර, නාලන්ද තරගය අතරමග නවතී

528

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

බෙනඩික්ට් ක්‍රීඩකයින්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්

පිළියන්දල මධ්‍ය මහා විදුහල සහ සාන්ත බෙනඩික්ට් විදුහල අතර බ්‍රහස්පතින්දා (16 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 41-12 දැවැන්ත ජයක් ලබා ගැනීමට සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය. මෙම තරගය පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක විය.

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 17 – 05 පිළියන්දල මධ්‍ය විද්‍යාලය

අවසාන ලකුණු තත්වය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 41 (6T, 4C,1P)  – 12 (2T,1C) පිළියන්දල මධ්‍ය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා:  ඇන්තනී පුලේ (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)

සම්පූර්ණ වාර්තාව: එරංගගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් සත්කාරකයින්ට ජයග්‍රාහී දිනයක්


    ක්‍රිකට්    

නිපුන්ගේ ඉනිමෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ඉදිරියෙන්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ දෙදින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වන කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර ඊයේ (15) ආරම්භ වූ තරගයේ දී නිපුන් සුමනසිංහ සහ සචින්ත රවිඳුගේ දක්ෂතා හේතුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

මේ අතර පැවති වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරගය පන්දුවාර 15ක් අවසානයේ දී නතර කර දැමීමට ඒ. එම්. ප්‍රියන්ත සහ රුවන් ජයවීර යන විනිසුරුවන් තීරණය කළහ. ඒ තණතීරුව ක්‍රීඩා කිරීමට තරම් සුදුසු නොවීම හේතුවෙනි. ඒ වෙද්දී කාසියේ වාසිය දිනා සිටි වේල්ස් කුමරුවෝ කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටියහ.

සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ දැවැන්ත ඉනිමක් ගොඩ නගති

දිනයක නිමාව