ගෙවුණු දවස ජූලි 14 – දකුණු අප්‍රිකාවට ප්‍රථම තරගය අපලයක් වේ

196

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

   ක්‍රිකට්   

ශ්‍රී ලංකා ඉන්දියා පුහුණු තරගය සාර්ථකව නිමා වේ

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය ඊයේ (14) NCC පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් මේ තරගයේ වැඩි වාසිය දිනා ගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට හැකි විය.

පළමු දිනය පුරාවටම පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ උදෑසන පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබාගෙන සිටියේය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පොඩ්ඩොන්ගේ අභියෝගයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්


දඟපන්දුවේ බලයෙන් තරගය වේලාසන අවසන් වේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් තවත් සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (14) සමත් වූහ. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 278ක පරාජයක් හිමිකර දෙමිනි. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු 352ක ඉලක්කයක් පසු පස ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 73ක් පමණි. එය දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව පෙර දිනයේ අඩුවෙන්ම දැවී යෑම නැවත අලුත් කිරීමකි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා දඟපන්දුව ද. අප්‍රිකානු කොඳු නාරටිය සිඳලයි; වීරයා දිමුත්

දිනයක නිමාව