ගෙවුණු දවස අප්‍රේල් 14 – ධනුෂ්කගේ උත්සාහය අපතේ යයි

281

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –

සත්සාමාජික රග්බි කණ්ඩායම තරගාවලියෙන් ඉවතට

පිට පිට තෙවන තරගයේ ද ආරම්භක මිනිත්තු කිහිපයේ දී ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුමක් කරා ශ්‍රී ලංකා කණ්ඩයම රැගෙන ගිය ද, දිනයේ තෙවන වතාවටත් පරාජය අත්විඳින්නට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට සිදු විය.

ශ්‍රී ලංකා කණ්ඩයම සිය තෙවන සහ කාණ්ඩ මට්ටමේ අවසන් තරගයේ දී උගන්ඩාව හමු වූ අතර ලකුණු 33-12 අමිහිරි පරාජයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු විය.

කෙසේ නමුත් පැවති තරග 3න්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

අවසාන ලකුණු තත්වය

  • උගන්ඩාව 33 (5T,4C) – 10 (2T, 1C)
  • වේල්සය 42 (6T,6C) – 12 (2T,1C) ශ්‍රී ලංකාව
  • ෆීජි 63 (9T,9C) – 05 (1T) ශ්‍රී ලංකාව

සම්පූර්ණ වාර්තාව: රන්ජන්ගේ උත්සාහය අපතේ හරිමින් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට


 

පොදුරදමඩුලු –

සහය දිවීමේ ක්‍රීඩකයෝ ඉතිහාසයට

ශ්‍රී ලංකා පිරිමි 4×100 සහාය දිවීමේ කණ්ඩායම ඊයේ (14) දින පැවති විසිඑක්වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 4×100 සහය දිවීමේ ඉසව්ව තත්පර 39.08ක කාලයකින් නිමා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ශ්‍රී ලංකා 4×100 සහය දිවීමේ කණ්ඩයමක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක තරග වදින්නේ වසර 68කට පසුව වන අතර හිමාෂ එශාන්, ෂෙහාන් අඹේපිටිය, අශ්රාෆ් ලඩිෆ් හා විනොජ් සුරංජය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිමය ඉටු කරන්නට සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩයම අවසාන පූර්ව වටයේ දී තෙවන ස්ථානය දිනා ගත් අතර තත්පර 39.47ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: 4×100 ධාවන ශූරයෝ ඉතිහාසය නැවත ලියති

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්