ගෙවුණු දවස මැයි 13 – ඉසිපතන ක්‍රීඩකයෝ නූලෙන් බේරෙයි

473

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

   රග්බි   

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ගේ සිහින බොඳ වේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ, කුසලාන ශූරතාවේ තවත් තරගයක් ලෙස කොළඹ ඉසිපතන විද්‍යාලය මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හමු වූ අතර උණුසුම් තරගයකට පසු ලකුණු 10-05ක් ලෙස ජයග්‍රාහීව නැවත කොළඹට එන්නට ඉසිපතන විද්‍යාලය සමත් විය.

ඉසිපතන නායක මනිල්ක රුබේරුගේ පාදයේ පන්දුව ගැටීමත් සමඟම නිත්තවෙල ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද වැටීම ආරම්භ වූ අතර කණ්ඩයම් දෙකේම සුපුරුදු රිද්මයට වර්ෂාව හේතුවෙන් පන්දුව ලිස්සා යෑම දැඩි බාධාවක් විය.

අවසාන ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 10 (1P,1T,1C) – 05 (1T) කිංග්ස්වුඩ් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: මනිල්ක රුබේරු (ඉසිපතන)

සම්පූර්ණ වාර්තාව: අවසාන මොහොතේ උත්සාහක දිනුමෙන් ඉසිපතනයට ජය


   ක්‍රිකට්   

හේරත් සහ ලක්මාල් ටෙස්ට් තරග දෙකකට පමණයි

ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග තුනක් සඳහා ලබන මස කොදෙව් දූපත් හි සංචාරයක නිරත වන අතර සුපිරි ක්‍රීඩක රංගන හේරත් එම ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා පමණක් සහභාගී කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

හතළිස් වියැති මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට නිසි විවේකය ලබා දෙමින් ඔහුගේ ක්‍රීඩා දිවිය ආබාධවලින් තොරව තවත් දිගු කර ගැනීමට පසුගිය වසරේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රමවේදය භාවිතා කරයි. ඒ අනුව බාබඩෝස් හි දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ක්‍රියාත්මක වන තෙවන හා අවසාන ටෙස්ට් තරගයට රංගන ඇතුළත් නොවනු ඇත.

සම්පූර්ණ වාර්තාව: හේරත් සහ ලක්මාල් ටෙස්ට් තරග දෙකකට පමණයි

දිනයක නිමාව