ගෙවුණු දවස පෙබරවාරි 13 – මැතිව්ස් යලි සූදානම්, සංචිතයේ වෙනසක්

255

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

නිදහස් කුසලානයට මැතිව්ස්?

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශයේ සහභාගීත්වයෙන් ලබන මස 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් සිය උපරිම ශාරීරික යෝග්‍යත්වයෙන් පසුවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් විශ්වාස කරන්නේ 2018 වර්ෂයේ දී ඔහුගේ ශරීරයේ පහළ අර්ධයේ පුනරුත්ථාපන (rehabilitation) ක්‍රියාවලිය හොඳින් සිදුවන නිසා ඔහුට ආබාධ සිදුවීමට ඇති ඉඩ ගිය වරට සාපේක්ෂව අවම බවයි.

පසුගිය වසර පුරාවට කලව සහ වළලුකර ප්‍රදේශවල ආබාධ ඇතිවීමෙන් ඔහුගේ ක්‍රීඩා දිවිය දැඩි පසුබෑමකට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට පෙර සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාගත් නමුත් බංග්ලාදේශයේ තුන්කොන් තරග සංචාරය අතරතුර ආබාධයකට ලක්ව ඔහු නැවත දිවයිනට පැමිණියේය.

සම්පූර්ණ වාර්තාව: ආබාධවලට පසුව මැතිව්ස් යළිත් පිටියට


කුසල් ජනිත් විස්සයි විස්සෙන් ඉවතට

Kusal In, Kusal Outබංග්ලාදේශය සමඟින් ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි කුසල් ජනිත් පෙරේරා අදාළ තරගාවලිය සඳහා සහභාගී වන සංචිතයෙන් ඉවත් කර ඇත.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවති තුන්කොන් එක්දින තරගාවලියේ  සිම්බාබ්වේ සමඟින් පැවති දෙවැනි එක්දින තරගය අතරතුර දී කුසල් ආබාධයකට ලක්වූ අතර වෛද්‍යවරුන්ගේ අදහස අනුව පවතින ආබාධ තත්වයෙන් ඔහුට සුවය ලබා ගැනීම සඳහා තවත් කාලය අවැසි බැවින් ඔහුව තවදුරටත් විවේකීව තබන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත. ඒ නිසාවෙන් ඔහුට අදාළ තරගාවලිය අහිමි වන අතර ඊයේ (12) දිනයේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය විස්සයි විස්ස සංචිතය සමඟ ඔහු පිටත්ව ගියේ ද නැත.

සම්පූර්ණ වාර්තාව: කුසල් සංචිතයෙන් ඉවතට; කුසල් සංචිතයට


සුපුන් ද්විත්ව ශතකයකින් වැඩ පෙන්වයි

කලකට පසුව වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් පිටිය තුළ ද්විත්ව ශතකයක් වාර්තා වූ ඊයේ (13) දිනය තුලත් පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම අවසන් වූ අතර තවත් තරග කිහිපයකම ආරම්භය සිදු විය. ඊයේ දිනයේ දී ද්විත්ව ශතකයක් ලබා ගත්තේ මලියදේව විද්‍යාලයේ සුපුන් සුමනරත්න (202) විසිනි.

ඊයේ නිමා වූ තරග අතුරෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ වාර්තා කළේය. ඊට අමතරව මලියදේව විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: මලියදේව විද්‍යාලයේ සුපුන් ද්විත්ව ශතකයකට

දිනයක නිමාව