ගෙවුණු දවස සැප්තැම්බර් 12 – පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම

118

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

මහානාම ක්‍රීඩකයෝ අවසන් 4ට

15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අවසන් පූර්ව තරගය ඊයේ (12) දළුපොත ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එම තරගයේ දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය පළමු ඉනිමෙන් පරාජය කළ මහානාම විද්‍යාලය අවසන් 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාය.

කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අත‍ර ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 120ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටු වූයේ සිය පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබමිනි.

කෙසේ නමුත් ඉනුක කරන්නාගොඩ ඇතුළු මහානාම විද්‍යාලයේ පන්දු යවන්නන් සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම ලකුණු 105කට සීමා කරමින් මේ තරගය ජයග්‍රහණය කළේ තරගය සඳහා තියුණු අවසානයක් ලබා දෙමිනි.

සම්පූර්ණ වාර්තාව: නොසිතූ තියුණු  බවක් ඇති කළ මහානාම විද්‍යාලයට ජය

සුහද තරගය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර පැවති සුහද ක්‍රිකට් තරගය ඊයේ (12) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

තරගයේ අවසන් භාගයේ දී සාන්ත මරියා ක්‍රීඩකයෝ විශාල අමාරුවක වැටී සිටි අතර නියමිත පන්දුවාර ප්‍රමාණය සේ ම කාලය ද අවසන් වීමෙන් ඔවුන් ලැබෙන්නට ගිය නියත පරාජයකින් බේරුණා. සාන්ත මරියා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ ලකුණු 213ක ඉලක්කයක් පසුපස යෑමටයි. එහෙත් තරගය නතර කරන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7කට ලකුණු 42ක් ලෙසයි.

සම්පූර්ණ වාර්තාව: සාන්ත මරියා ක්‍රීඩකයෝ නූලෙන් බේරෙයි

දිනයක අවසානය