ගෙවුණු දවස ජනවාරි 12 – මහනුවර ආධිපත්‍ය වසර දෙකකට පසු බිඳ වැටේ

239

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ වසර 33 වාර්තාවක් බිඳ දමයි

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති යොවුන් ටෙස්ට් තරගය අද (12) නිමාව දුටුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් ලබා දෙමිනි.

මෙම තරග ජයග්‍රහණය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඉතාම වැදගත් එකක් වන්නේ වසර 33කට පසුව ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමක් යොවුන් ටෙස්ට් තරගයකින් පරාජය කර ලබාගත් ජයග්‍රහණයක් බවට මෙය පත්වීම නිසාවෙනි.

තරගයේ දෙවන දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද උදෑසනම 309/8ක් ලෙස ලකුණු ලබා සිටිය දී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 40ක පළමු ඉනිමේ වාසියක් ලබා ගනිමිනි.

සම්පූර්ණ වාර්තාව: වසර 33කට පසු ශ්‍රී ලංකා යෞවනයෝ ඉතිහාසය අලුත් කරයි

රග්බි –

CR නැවතත් පරාජය වෙමින් CH ඉදිරියට

2018/19 ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අර්ධයේ දෙවැනි සති අන්තය ඊයේ ආරම්භ වූ අතර එහි දී යුද හමුදාව අතින් මහනුවර කණ්ඩායම නිත්තවෙල දී ම පරාජයට පත්වීම සෑම දෙදෙනක්ටම අදහාගත නොහැකි කරුණක් විය.

එම තරගයට අමතරව පොලීසිය සහ ගුවන් හමුදාව රත්මලානේ දී ද, CH&FC සහ CR&FC කොළඹ තුරඟ තරග පිටියේ ද සටන් වැදුණු අතර එම තරගවලින් ගුවන් හමුදාව සහ CH කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න – සිංහල රග්බි පිටුවට

දිනයක අවසානය

>> අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින් <<