ගෙවුණු දවස මැයි 12 – රග්බි තරග හතරක උණුසුම

925

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –

ඩී. එස්. ක්‍රීඩකයින්ට මහනුවර දී පරාජය

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ කුසලානය වෙනුවෙන් ඊයේ (11) පැවති තරගයෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරදා ලකුණු 22-17ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය.

වැසිබර කාලගුණයත් සමඟින් ප.ව. 4.05ට ඩී. එස්. පා පහරින් තරගය ආරම්භ විය. තරගය ආරම්භයේ පටන් දෙපිලම ආරක්ෂාකාරී තරග රටාවක නිරත වෙනු දක්නට ලැබුණි.

සම්පූර්ණ වාර්තාව: දෙවැනි අර්ධයේ මෙහෙයුමෙන් ජය විද්‍යාර්ථයට


චමෝද්ගේ දස්කම් අන්තෝනියට ජය ගෙනේ

2018 ‘සිංගර්’ අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවයේ පළමු තරගය ඊයේ (12) දිගන පළාත් සභා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ කුරුණෑගල මලියදේව විද්‍යාලය සටනට අවතීර්ණ වෙමිනි. තරගය ලකුණු 43-36ක් ලෙස ජය ගැනීමට කන්ද උඩරට ක්‍රීඩකයෝ සමත් වූහ.

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 43 (6T, 5C, 1P) – 36 (5T, 4C, 1P) මලියදේව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: චමෝද් වනසිංහ (සාන්ත අන්තෝනි)

සම්පූර්ණ වාර්තාව: කුරුණෑගල උත්සාහය අපතේ යවමින් ජය මහනුවරට


විද්‍යා ක්‍රීඩකයෝ තවත් ඉදිරියට

සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ පළඟ ශූරතාවේ තවත් තරගයක් ඊයේ (12) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අතර ලකුණු 39-10ක් ලෙස තරගය ජය ගැනීමට විද්‍යා විද්‍යාලය සමත් විය.

අවසාන ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 39 (7T,2C) – 10(2T) ධර්මරාජ විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

විද්‍යා විද්‍යාලය: හෂාන් මධුමාධව (1T), තරුෂ සිල්වා (1T), ඉමේත් රවින් (1T), එච්. එස්. සාමරත්න (1T), සී. එස්. එස්. ෆොන්සේකා (1T), පී. එස්. අයි. ප්‍රියදර්ශන (1T), ආර්. ඒ මදුසංක (2C)

ධර්මරාජ විද්‍යාලය: මනුක හියාරපිටිය (1T), බවන්ත උඩන්ගමුව (1T)           

සම්පූර්ණ වාර්තාව: විද්‍යා විද්‍යාලයේ වේගයෙන් ධර්මරාජ ක්‍රීඩකයෝ පසුබසී


ලුම්බිණි ක්‍රීඩකයින්ට ගල්කිස්සේ දී පරාජයක්

B කාණ්ඩයේ දෙවන වටයේ තවත් තරගයක් ඊයේ (12) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්වූයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 40-10ක් ලෙස ප්‍රබල ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය  සමත් විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 40 (6T,5C ) – 10 ලුම්බිණි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ක්‍රිස්ටියන් ඩී ලයිල් (සාන්ත තෝමස්)

සම්පූර්ණ වාර්තාව: තෝමසුවන් හමුවේ ලුම්බිණි ක්‍රීඩකයින්ට දැවැන්ත පරාජයක්

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්