ගෙවුණු දවස අගෝස්තු 11 – ශ්‍රී ලංකා ඇත් පැටවුන් තෙවැනි තැන දිනයි

358

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ද ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ (11) සමත් වුනා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී 2-0ක් සේ ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

රග්බි –

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ ආසියාවේ තෙවැනි තැනට

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා සිංගප්පූරුව සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ (11) තරග වැදුණු අතර ලකුණු 26-12ක් ලෙස සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. තරගාවලිය හොංකොං හි කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටය දක්වා පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු කොරියාව හමුවේ පරාජය විය.

සම්පූර්ණ වාර්තාව සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට

දිනයක නිමාව