ගෙවුණු දවස මැයි 11 – උපුල් තරංග සුපිරි පිතිකරණයක

251

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

කොදෙව්වන්ට එරෙහිව සවිමත් එක්දින සංචිතයක්

ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව එළඹෙන ජුනි මාසයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩයමේ කොදෙව් සංචාරය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබේ.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් ආබාධවලින් සුවය ලබා නැවත කණ්ඩායමට එක් වී ඇති අතර ආබාධයකට ලක් වී සිටින දිමුත් කරුණාරත්න වෙනුවට තිස්එක් හැවිරිදි ආරම්භක පිතිකරු මහේල උඩවත්ත කණ්ඩායමට නම් කර තිබේ.

මහේල උඩවත්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් 2008 දී ජාත්‍යන්තර වරම් හිමි කර ගත් නමුත් තවම ටෙස්ට් වරම් හිමි කර ගැනීමට සමත් වී නැත. නිමා වූ සුපිරි පළාත් සිව්දින තරගාවලියේ දී ලකුණු 56.60ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 283ක් රැස්කර ගැනීමට සමත් වූ ඔහු මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් එක්දින තරගාවලියේ දී ලකුණු 71ක හා 116ක විශිෂ්ට ඉනිම් ද්විත්වයක් ද ක්‍රියාත්මක කිරීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: අවසන් සංචිතයේ දිමුත් වෙනුවට උඩවත්තට ටෙස්ට් වරම්


රැජිනියන්ගේ සංග්‍රාමයේ ජය රත්නාවලියට

නුගේගොඩ අනුලා විද්‍යාලය හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර දෙවන වරටත් පැවති “රැජිනිවරුන්ගේ මහා සටන” පාසල් මහා ක්‍රිකට් තරගය ලකුණු 29කින් ජය ගැනීමට රත්නාවලී බාලිකා විද්‍යාල ක්‍රීඩිකාවන් ඊයේ (11) සමත් විය. මෙම ශූරතාවය රත්නාවලී බාලිකා විද්‍යාලය විසින් දිනාගත් පළමු අවස්ථාව මෙයයි. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්විය.

සම්පූර්ණ වාර්තාව: රැජිනියන්ගේ සටනේ කිරුළ පළමු වරට ගම්පහ රත්නාවලියට


ගාල්ලට සහ දඹුල්ලට ජයග්‍රහණ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) පැවති තරගවල දී ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ඒ නුවර සහ කොළඹ කණ්ඩායම්වලට එරෙහිව යි.

දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ ගාලු කණ්ඩායමේ උපුල් තරංග ය. ඔහු ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. මේ අතර සුපිරි 4 තරගාවලියේ කෝඩුකාර ක්‍රීඩකයන් සේ ඊයේ තරගවලට එක් වූ සඳුන් වීරක්කොඩි (96)  මිනෝද් භානුක (82) සහ චරිත් අසලංක (51) අර්ධ ශතක රැස් කිරීම කැපී පෙණුනි.

සම්පූර්ණ වාර්තාව: උපුල් තරංග සමඟින් කෝඩුකාරයෝ ලකුණු අතරට

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්