ගෙවුණු දවස ජනවාරි 11 – පාසල් රග්බි කැලැන්ඩරය නිකුත් වේ

311

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

මාර්තු මාසයේ සිට පාසල් රග්බි පිටිය උණුසුම්

ශ්‍රී ලංකා පාසල් රග්බි කැලැන්ඩරයේ අතිඋත්කර්ශවත් පෙළහැර පෑම හෙවත් පාසල් රග්බි  තරගාවලිය ලබන මාර්තු මස 9 වැනිදා සිට ආරම්භ වන ඇත.

මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 3ක් යටතේ පාසල් 87කට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර එය ලබන මාර්තු සිට ලබන ජුනි දක්වා පැවැත්වෙනු ඇත.

තරගාවලියේ තිබෙන උද්වේගකරම තරග කාණ්ඩය වන A කාණ්ඩය යටතේ පාසල් 12ක් මෙවර ශූරතා කුසලාන සඳහා තරග කරනු ලබයි. එසේම ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පවසන පරිදි ලබන මාර්තු මස 9 වැනිදා ආරම්භ වන මෙම පාසල් රග්බි සැණකෙළිය මාර්තු 29-31 දක්වා මෙන්ම අප්‍රේල් 13 සහ 14 යන දිනවල දී පමණක් නොපැවැත්වේ. ඒ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය නිසාවෙනි.

සම්පූර්ණ වාර්තාව: පාසල් රග්බි ශූරයෝ මාර්තු සිට සටනට සීරුවෙන්


    ක්‍රිකට්    

නාලන්ද ක්‍රීඩකයෝ ප්‍රථම ජය සමරති

තරගාවලිය පුරා ජයග්‍රහණයේ පිපාසාවෙන් සිටි කොළඹ නාලන්ද ක්‍රීඩකයෝ තමන් සහභාගී වූ නපුරු යැයි සැලකෙන 9 වැනි තරගය ජයග්‍රහණය කරමින් පළමු ජය සමරන්නට ඊයේ (11) සමත් වූහ. බණ්ඩාරගම මහජන පිටියේ දී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සමඟ පැවති මෙම තරගයේ දී නාලන්ද විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 15කින් ජය ලැබුවේය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (43.3) විහාන් ගුණසේකර 51, මුදිත ලක්ෂාන් 57, චමිඳු විජේසිංහ 4/21, උමේෂ්ක ඩිල්ශාන් 4/22

නාලන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (63.1) අවිශ්ක පෙරේරා 33, රනිඳු ද සිල්වා 24, චමෝද් විජේසිංහ 28, ලක්ෂිත රසාංජන 33,  සුහඟ විජේවර්ධන 126, රුසිරු ද සිල්වා 20,  සඳරු චන්දිත 2/35, මෙතුශාන් කුමාර 5/68, සඳරු චන්දිත 2/34

ඩී. එස්. සේනානායක විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (39.5) තුවින් ලක්ෂාන් 40, ටිරෝන් බාස්කරන් 21, රවීන් ද සිල්වා 3/24, කවීෂ් මධුරප්පෙරුම 3/28, උමේෂ්ක ඩිල්ෂාන් 2/20, චමිඳු විජේසිංහ 2/25

සම්පූර්ණ වාර්තාව: නාලන්ද ක්‍රීඩකයින් නපුරු තරගයේ දී පළමු ජය ලබයි


සංගා නැවතත් විස්සයි විස්සකට

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර හොංකො හිදී පැවැත්වෙන “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ ගැලැක්සි ගැලඩියේටර්ස් ලැන්ටාවු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.

පෙබරවාරි 6 වැනිදා ආරම්භ වන මෙම ක්‍රිකට් තරගාවලිය පළමු වරට පැවැත්වුණේ 2016 වර්ෂයේ දී වන අතර එය මෙවර පැවැත්වෙන්නේ තෙවන වරටයි. පසුගිය වසරේ (2017) දී ශූරතාවය දිනා ගත්තේ කව්ලූන් කැන්ටුන්ස් කණ්ඩායම විසිනි.

සම්පූර්ණ වාර්තාව: සංගක්කාර තවත් විස්සයි විස්සකට සූදානම්

දිනයක නිමාව