ගෙවුණු දවස අගෝස්තු 09 – සධීර, දිමුත්ගෙන් දැවැන්ත ශතක

427

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා නැගී එන පිළට පහසු ජයක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (09) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ පළමු තරගයේ දී ලකුණු 215ක ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් නැගී එන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 376ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 161ක් පමණයි.

සම්පූර්ණ වාර්තාව: චන්දිමාල් ඇතුළු නැගී එන ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව මෙල්ල කරයි


නිලවරණය තිබ්බේ නැත්නම් ප්‍රශ්න ගොඩක් – ශම්මි

SLC election should happen before Decemberශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වර්තමානයේ දී ඉතාමත් භයානක පරිපාලනමය අවදානමක් අබියසට පැමිණ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක නිලධාරීන්ගේ එකමුතුව ඊයේ (9) පවසන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක නිලධාරීන් පිරිසක් එක්ව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔවුන් මේ අදහස් ප්‍රකාශ කළේය. නිශාන්ත රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ ගරු අභියාචනාධිකරණය පසුගිය මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලදි. එහි දී ගරු අභියාචනාධිකරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි ලෙස පනවා තිබූ තහනම ජුනි 14 වැනිදා ඉවත් කිරීමට තීරණය කළ නමුත් නැවතත් මුල සිටම නිලවරණය සඳහා අවශ්‍ය නාම යෝජනා කැඳවන ලෙස අභියාචනාධිකරණය අදාළ පරිපාලන නිලධාරීන්ට දැනුම් දී තිබේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි ලෙස පනවා තිබූ තහනම ගරු අභියාචනාධිකරණය විසින් පසුගිය ජුනි 14 වැනිදා ඉවත් කළා. ඒ අනුව එහි දී හදිසි නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් අදාළ නිලධාරීන්ට මේ නිලවරණය හැකි ඉක්මනින්ම පවත්වන්න කියලා දැනුම් දුන්නා. දැන් මාස දෙකකට ආසන්න කාලයක් ගෙවී ගිහිල්ලා තිබුනත් ගරු ක්‍රීඩා අමාත්‍යතුමා මේ සම්බන්ධව කිසිම පියවරක් ගෙන ඉන්නවා කියලා අපට පෙනෙන්නේ නෑ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති  වන මොහාන් ද සිල්වා මහතා පැවසීය.

සම්පූර්ණ වාර්තාව: මේ වසර අවසන් වීමට පෙර නිලවරණය තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ?

 

දිනයක නිමාව